ඇමෙරිකාව සහ රුසියාව කෙළිබිමේ පැටලෙයි

Date:

ක්‍රිඩා පිටියේදී රුසියානු ක්‍රීඩකයන් තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් වරදට හසු වූ අවස්ථාවල රුසියාව හැසිරුණු මාන්නක්කාර ගති නිසා මේ වන විටත් ඔවුන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අදාළ ඉසව් සඳහා සහභාගි වීමට අවසර දී ඇත්තේ එරට ඔලිමිපික් කමිටු ධජය යටතේ පමණි.එවැනි වාතාවරණයක රුසියානු හිම ක්‍රීඩිකා කැමලා වැලීවා සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට අදාළ පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ නොකරන බව රුසියානු තහනම් උත්තේජන ආයතනය පැවසීමත් සමඟ ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් එයට දැඩි විරෝධය දක්වා තිබේ.
රුසියාව පවසන්නේ ඇය එම තත්ත්වයට මුහුණ දෙන විට වයස 15 ක කුඩා දරුවෙක් වූ බවය.ඒ නිසා ඒ වයස පදනම් කරගෙන එම වාර්තා සඟවා තබා ගන්නට ක්‍රියා කරන බව රුසියාව පෙන්වා දුන්නත්.ඇමෙරිකානු තනම් උත්තේජන ආයතනය පෙන්වා දෙන්නේ තහනම් උත්තේජන පරික්ෂිව සම්බන්ධ සමස්ත ක්‍රියාවලියම මේ තීරණයෙන් සමච්චලයට ලක් කරන බවයි.

ජාත්‍යන්තර ස්කේටිං සංගමය (ISU), ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනය (WADA) මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බව පෙන්වා දෙන ඇමෙරිකාව,එම පරකිෂා කිරීම් නිවැරදිව සිඳු වී ඇත්නම් ලෝකයට හංගන්නට දෙයක් නොමැති බව ද අවධාරණය කරයි.
රුසියානු රාජ්‍ය නායකයාගේ යම් උද්ධච්ඡ හැසිරීමක් මේ සෑම අවස්ථාවකටම සම්බන්ධව පවතිනු දැකිය හැකි අතර තහනම් උත්තේජන චෝදනා සම්බන්ධයෙන් ද ජාත්‍යන්තරයට වගකීම පැහැර හැරුණේ එරට රජයේ ස්ථාවරයක් මතය.මේ අතර වලීවාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙන්ම ඇය චෝදනාවට ලක්වීම නිසා පදක්කම් ප්‍රදානය නැවති ඇති ස්කේටිං ඉසව්ව ගැන ලෝකයේ බොහෝ අය විවේචනාත්මකව කතා කරද්දී රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් මෑත කාලයේ ක්‍රීඩක ඇගයීම් උත්සවයකදී වැලිවා සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින් පෙන්නුම් කළේ රුසියාවට ලෝකයේ සම්ප්‍රදායන් අදාළ නොවන බව ද යන්න දේශපාලනික කාරණාවක් බවට පත්වෙමින් ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...