ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ජෝර්ජියා මෙලෝනි දිවුරුම් දෙයි

අන්ත දක්ෂිණාංශික නායිකා ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම්දී තිබේ.

පශ්චාත්-ෆැසිස්ට් පක්ෂයක අළු මත 2012 දී පිහිටුවන ඇගේ පක්ෂය වන බ්‍රදර්ස් ඔෆ් ඉතාලි සැප්තැම්බර් අග පැවති හදිසි මැතිවරණයෙන් සියයට 25 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව සභාග හවුල්කාරීත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ විය. ඒ අනුව යමින් ඊයේ(22) දිනයේදී සිය ඇමතිවරුන් 24 සමඟ ඇය දිවුරුම් දෙනු ලැබූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් කාන්තාවන් වන බව කියැවේ.

ඉතාලියේ පවතින තත්වය පිළිබඳව නිරීක්ෂකයන් දක්වා ඇත්තේ රට මේ වන විට උද්ධමනය හරහා ගමන් කරමින් තිබෙන අතර යුක්රේනයේ යුද්ධය විසින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදයකින් නිර්මාණය කර ඇති බැවින් මෙලෝනිට රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ කුඩා ඉඩක් බවයි.

යුරෝපීය ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ දේශපාලන විශ්ලේෂක ටොමසෝ ග්‍රෝසි පවසා තිබුණේ ඇගේ දේශපාලන ඉරණම ආර්ථිකය සමඟ බැඳී පවතිනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_OBT

සබැඳි පුවත්;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...