පහරදීමෙන් කුසල් පන්දු යැවීමෙන් වනිඳු මුලට එයි

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු තරගය ජය ගත්තේ කඩුලු නවයකින්ය.ලකුණු 128 ක ඉලක්කය පසු කර ශ්‍රී ලංකා ලකුණු පූවරුව 133 දක්වා ගොස් නැවතුණේ පහළොස්වන පන්දු ඕවරයේ අවසාන පන්දුවේදීය.

සුපිරි 12 වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන එමින් ලකුණු 79 ක් රැස් කරමින් තරගයේ වීරයා වූ කුසල් මෙණ්ඩිස් මේ තරගයේදී ද වීරයා විය.ඔහු පන්දු 43 ට මුහුණ දෙමින් නොදැවී ලකුණු 68 ක් ලබා ගැනීමට, හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් යොදාගෙන තිබිණි.කුසල් එම ලකුණු 68 ත් සමඟ තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ප්‍රමාණය ලැබූ ක්‍රීඩකයා බවට පත් වෙයි.ඔහු මේ වන විට ලකුණු 171 ක් තරග හතරකදී ලබා ගෙන ඇත.

කුසල් සමඟ පළමු කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවයක් එකතු කළ ධනංජය ද සිල්වා පන්දු 25 ක් තුළ ලකුණු 31 රැස් කළේය.ඉනික්බිතිව කුසල් සමඟ එකතු වූ චරිත් හසලංක ද පන්දු 21 දී නොදැවී එකතු කළ ලකුණු ප්‍රමාණය ද 31 ක විය.සබඳතාවය ලකුණු 70 ක් වී නොබිදී තිබිණි.

අයර්ලන්ත ඉණිම ලකුණු 128 ට සීමා කරමින් පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් විය.ඒ සඳහා මහේෂ්ගෙන් ලකුණු 19 ක් ද,වනිඳුගෙන් ලකුණු 25 ක් ද නෙදර්ලන්තය විසින් උඳුරා ගත්තේය.වනිඳු එම කඩුලු දෙකත් සමඟ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් ලකුණු 88 ට කඩුලු 9 ක් දවා ලෙන ඇත.තීක්ෂණ කඩුලු හතක් දවාගෙන ඇත.

අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ට්‍රිලින්ග් ලකුණු 34 ක් ලබා ගත්තේය.හැරී ටෙක්ටර් එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 45 කි.තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙස කාගෙත් අවධානයට ලක් වූ අයර්ලන්තය ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් වනු ඇතැයි විශ්වාස කළේය. ශ්‍රී ලංකාව පිත්තෙන් ද,පන්දුවෙන් ද පහසුවෙන්ම අයර්ලන්තය අභිබවා සිටිටට සමත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...