හෙට තරගයට ශ්‍රී ලංකාවෙන් ⁣හොඳම කණ්ඩායම

Date:

හෙට ඕස්ට්‍රේලියාව සමඟ පැවත්වෙන තරගයට ශ්‍රී ලංකාව තමන් සතුව මේ මොහොතේ සිටින හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව දක්ෂතා සලකා බැලීම මෙන්ම තරගාවලියේ ඉදිරියට ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමත් මෙම තෝරා ගරනීමේදී කණ්ඩායම් බලධාරීන් මුහුණ දෙන ගැටළුවයි.

ඕස්ට්‍රේලියාව අනපේක්ෂිත ලෙස නවසීලන්තය ඉදිරියේ ලෝක සූරයන් ලෙස සිටිමින් ලද අවමන් සහගත පරාජයෙන් ගොඩ එන්නට ශ්‍රී ලංකාව සමඟ තරගයේදී තම උපරිම ශක්තිය යොදවනු නිසැකයි.මේ තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායම ද හොඳින්ම අවබෝධ කරගෙන සිටින නිසා 100% ශාරිරික යෝග්‍යතාවය ඇත්නම් හෙට තරගයට පැතුම් නිශ්ශංක යෙදවීම ගැන අවධානය යොමු කර තිබෙනවා.

එසේ වුවහොත් ඕස්ට්‍රේලියානු නායකයා නිතරම අභියෝගයක් කර සිතන කුසල් මෙණ්ඩිස් මේ වන ලකුණු අතර සිටින්නේය.ඊට ලකුණු අතර සිටින පැතුම් නිශ්ශංක ද එකතුවීම ඕස්ට්‍රේලියාව සසල කිරීමට හේතුවක් වනු නිසැකයි.මේ අතර සුවපත්භාවය අනුව හෙට තරගයට බිනුර වෙනුවට ප්‍රමෝද් මධුශංක එක්වීමේ ඉඩ ගැනද සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරග කරන්නේ ලෝක සූරයන් සමඟයි.එබැවින් කිසිඳු අවස්ථාවක් ප්‍රතිවාදීන්ට ලබා නොදීම වැදගත්.ඒ නිසා පන්දු රැකීමේදී වැරදි නොකිරීමට මෙන්ම පන්දුවට පහරදීමේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රහාරාත්මක බව මෙන්ම කෙටි ලකුණු එකතු කිරීම ද,නිරන්තරයෙන් සිඳු කළ යුතුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...