*
Monday, October 28, 2024
spot_img

Latest Posts

එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගම කාබන් ශූන්‍යතා සහතිකයෙන් පිදුම් ලබයි!

ප්‍රධාන පෙළේ දෙස් විදෙස් සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී (Ex-pack Corrugated Cartons PLC) සමාගම, හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය කිරීමට ගනු ලැබූ සාර්ථක පියවර හේතුවෙන් පසුගියදා කාබන් ශූන්‍යතා සහතිකයෙන් පිදුම් ලැබිමීට සමත්විය.
මෙම සහතිකකරණ ක්‍රියාවලිය අතරතුර එක්ස්පැක් සමාගමේ තිරසාර භාවිතාවන් පිළිබඳ ඉහළ අවධානයක් යොමුවිය. එනම්, බලශක්ති සහ ජල පරිභෝජනය, කසළ කළමනාකරණය, ප්‍රවාහන අංශය ආදී ක්ෂේත්‍රවලට අදාළව සමාගම සිදුකර ඇති ඇගයීම් පිළිබඳ වැඩි සැළකිල්ලක් යොමුවිය.

හරිත ගොඩනැගිලි තාක්ෂණය, MEP නිර්මාණ උපදේශනය සහ කාබන් ශූන්‍යතා උපදේශනය පිළිබඳ විශේෂඥතාව උසුළන ගොඩනැගිලි ඉදිකිරීම් ඉංජිනේරු සේවා සමාගමක් වන co-energi සහ එක්ස්පැක් සමාගම එක්ව මෙම හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ඇගයීම් සිදුකරන ලද අතර,
එම ඇගයීම් තහවුරුකිරීම සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ජාතික පිවිතුරු මධ්‍යස්ථානය (National Cleaner Production Centre) මගිනි. මෙම ක්‍රියාවලිය සඳහා co-energi සහ එක්ස්පැක් සමාගම ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී මුල පිරූ අතර, දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම හේතුවෙන් මතුවන අභියෝගවලට මුහුණදීම එම සහයෝගීතාවයේ අරමුණ විය.

එක්ස්පැක් සමාගම නියැළී සිටින කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා දැවැන්ත යන්ත්‍රසූත්‍ර භාවිත කෙරෙන පසුබිමක, කාබන් ශූන්‍යතා සහතිකයෙන් පිදුම් ලැබිමී යනු විශාල ජයග්‍රහණයකි. ″පාරිසරික තිරසාරභාවය කෙරෙහි එක්ස්පැක් සමාගම සෑමවිටම සැළිකිලිමත්. එම කැපවීම සහ වගකීම් සහගත භාවිය මෙවැනි ජයග්‍රහණ තුළින් මනාව පිළිබිඹු වෙනවා. ඒ වගේම මෙය අපට තවත් අනුකූලතා සහතිකයක් නොව අපගේ වගකීමක් ඉටුකිරීමක්. අපි ඉදිරියටත් co-energi, NCPC සහ වෙනත් කර්මාන්ත පාර්ශ්වකරුවන් හා එක්ව තිරසාරත්වයේ ගමන අඛණ්ඩව ගෙනයනවා″, යනුවෙන් එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතා ප්‍රකාශ කළේය.

කාබන් ශූන්‍යතා සහතිකයක් යනු, පරිසරයට ඇති බලපෑම අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් භාවිතයට ගැනෙන මාස ගණනාවක සහ වසර ගණනාවක දැඩි පරිශ්‍රමයක සහ කැපවීමක ප්‍රතිඵලයකි.
තව ද, අධි කාර්යක්ෂම වායු සමීකරණ පද්ධති, ගොඩනැගිලි වහල මත ස්ථාපිත කරනු ලබන සූර්ය බලශක්ති පද්ධති, බලශක්ති විගණන, MEP නිර්මාණ සැලසුම්, retro සැකසුම් ආදිය පිළිබඳ co-energi සමාගම සතු වසර 12කට වැඩි පළපුරුද්ද, ශ්‍රී ලංකාවේත් බංග්ලාදේශයේත් LEED (Leadership in Energy and Environmental Design) සහතික දිනාගැනීමට හේතු සාධක වී තිබේ.

ආසියානු කලාපය තුළ මෙන්ම ශ්‍රී ලකාව තුළ සේවය කිරීමට ඇති හොඳම ආයතනයක් වශයෙන් අඛණ්ඩව වසර කිහිපයක් Great Place to Work සහතිකය දිනාගැනීමට ද එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගමට හැකිවී ඇත. සමාගම මෙම වසරේදී නවෝත්පාදන සහ තිරසාර ඇසුරුම්කරණ විසඳුම් සපයමින් සිය 25වැනි සංවත්සරය සැමරීමට ද කටයුතු කළේය. මේ අතර, ISO 9001-2015, ISO 14001-2015, FSC COC සහ WRAP ආදී තත්ත්ව සහතික ද, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, , Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ Green සම්මාන ආදියෙන් ද සමාගම පිදුම් ලබා තිබේ.

Thanzyl Thajudeen
2022 ඔක්තෝබර් 20


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan