වයස අවුරුදු 12 ට අඩු දරුවන් ශාසනයට බඳවා නොගත යුතුයි: රුහුණ කුලපති හිමි

Date:

සාමණේර් භික්ෂූන් වහන්සේලා ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බවත්, වයස අවුරුදු 12 ට අඩු දරුවන් ශාසනයට බඳවා නොගත යුතු බවත්, මේ පිළිබඳව සියළු බෞද්ධ නිකාය මූලස්ථාන වහා කටයුතු කළ යුතු බවත් රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද හිමි අවධාරණය කරති.

දරුවකු ශාසනයට බඳවා ගැනීම සිදුවන්නේ ජ්‍යෙෂ්ඨ භික්ෂු නමකගේ මඟපෙන්වීම යටතේ වන අතර, මෙම පසුබිම තුළ සාමණේර භික්ෂුන් වහන්සේලා දෙමාපියකු මෙන් රැකබලා ගැනීමේ වගකීම එකී ජ්‍යෙෂ්ඨ භික්ෂුනමට පැවරෙන බව උන්වහන්සේ අවධාරණය කළහ.

වැරදි ක්‍රියාවල නිරත වූ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ ගේ යුගයේ සිටි බවත්, භික්ෂූන් වහන්සේලා ට විනය කර්ම පනවා තිබෙන්නේ මෙම හේතුව නිසා බවත් පැහැදිලි කරන රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේ, වර්තමානය තුළත් මෙවැනි වැරදි ක්‍රියා වල නිරතවන භික්ෂුන් වහන්සේලා සිටින බව අවධාරණය කළහ.

එමෙන්ම, මෙම වැරදි ක්‍රියා අධීක්ෂණය කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති බවත්, බෞද්ධ නිකාය මූලස්ථාන එකී කාර්යභාරය ඉටු නොකරන බවත් උන්වහන්සේ පවසා සිටියහ.

සාමණේර් භික්ෂූන් වහන්සේලා ට ද දරුවන්ගේ අයිතිවාසිකම් හිමිවිය යුතු අතර, ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා විනය අනුව හැසිරෙන්නේ නම් අපයෝජන පිළිබඳ සිදුවීම් විහාරස්ථාන වලින් වාර්තා නොවනු ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

රුහුණ කුලපති පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද හිමි මේ බව පවසා තිබෙන්නේ මව්බිම පුවත්පත කළ විමසීමකදී ය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...