සිරගත කර සිටින ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු !

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු උණ රෝගය වැළඳී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

එහිමියන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇත.

පසුගිය සමයේ පැවති දේශපාලන අරගලයට සෘජුවම දායකත්වය දැක්වූ එහිමි මීට මාස දෙකකට පමණ පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනුණු අතර දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටී.

බන්ධනාගාරගත කර සිටි එහිමියන්ට දින හතරක් තිස්සේ උණ රෝගය වැළඳී තිබියදීත් නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර නොතිබුණු බව එහිමියන්ගේ සොයුරිය පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත අනාවරණය කළ අතර පසුව ඊයේ දිනයේදී එහිමියන්ව රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...