අයර්ලන්තයෙන් ලද එංගලන්ත පරාජයේ වැදී ශ්‍රී ලංකාව උඩට තල්ලු වෙයි

Date:

එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ නෙදර්ලන්තයට ඒරෙහිව ලද ලකුණු 5 ක පරාජයත් සමඟ ශ්‍රී ලංකාව ඒම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් විය.මේ වන විට ඒම කාණ්ඩයේ තරග 2 ක් තරග කර ඒක තරගයක් පරාජයට පත් වූ කණ්ඩායම් හතරක් දකින්නට ඇති අතර ඒම කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවය.නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය තවමත් සහභාගි වී ඇත්තේ ඒක තරගයක් පමණක් බැඟින් වන අතර එහිදී නවසීලන්තය තමන් සහභාගි වූ තරගයේ ලැබූ අති දැවන්ත ජයත් සමඟ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.ඇෆගනිස්තානය එංගලන්තය ඉදිරියේ සහභාගි වූ ඒකම තරගය පරාජය වී කාණ්ඩයේ අවාසන ස්ථානයේ පසු වෙයි.
නවසීලන්තය සමඟ තරගයෙන් ලද දැවන්ත පරාජය හේතු කොට ගනිමින් ඕස්ට්‍රේලියාව සම ජය සහ පරාජ සමඟ සිටින කණ්ඩායම් අතර අවසාන ස්ථානයේ පසුවෙමින් එම කාණ්ඩයේ පස්වන ස්ථානයේ පසු වෙයි.එංගලන්තය අයර්ලන්තයට පරාජය වීමත් සමඟ තරගයට පෙරාතුව රැදී සිටි කාණ්ඩයේ දෙවන ස්ථානය අහිමි වී තෙවැනියා බවට පත් වුණා.අයර්ලන්තය සිව්වන තැන පසුවෙනවා.
මේ දක්වා යුරෝපා මහද්වීපයේ කණ්ඩායමකට ඒරෙහිව 20/20 ජයග්‍රහණයක් ලැබීමට අපොහොසත්ව සිටින ඕස්ට්‍රේලියාව අද තරගය පැවති ඒම්සීජී ක්‍රීඩාංගණයේදී ද තරගයක් ජයගෙන නැහැ.ඒම පීඩනය තරගයට පිවිසෙන විටත් ඒංගලන්තයට තිබෙන්නට ඇති නමුත් අවසාන මොහොතේදී වැස්ස හමු වීමට පෙර අවශ්‍යය දළ ලකුණු වේගය තබා ගන්නට මොයින් අලී පන්දු 12 න් ලකුණු 24 ක් ලබා ගනිමින් උත්සාහ ගත්ත ද,නිසි ලකුණු වේගයට පිවිසෙන්නට පෙර එංගලන්තයට වර්ෂාව හමු වූ බැවින් ලකුනු 5 ක පරාජයකින් අයර්ලන්තයට පරාජය වන්නට සිඳු වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...