අයථා වත්කම් නඩුවට විමල්ගෙන් මූලික විරෝධතාවක්

රුපියල් මිලියන 75 කට අධික දේපළ සහ මුදල් අයථා ලෙස ඉපයූ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා විසින් මූලික විරෝධතාවක් ගොනුකර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (26) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස් පනත යටතේ මෙවැනි චෝදනාවක් ගොනු කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට එය අදාළ නොවන බවත් ය. එහෙයින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවයි නීතීඥවරයා පැවසුවේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ අවස්ථාවේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මූලික විරෝධතාවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුව නොවැම්බර් 28 වනදා යළි කැඳවන ලෙසත්, එදිනට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණය නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...