*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සටන්කාමී හෙට දවස අද දුටුව ස්ටබ්ස්… වවුනියා කෙල්ලන්ගෙනුත් රන් රිදී

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති මෙවර ස්ටබ්ස් සමස්ත ලංකා පාසල් බොක්සිං සූරතාවලිය ජය ගන්නට පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය සමත් වුණා.ලංකාවේ බොක්සිං ඉතිහාසයේ නොමැකෙන සටහනක් බවට සැළකෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ අනුරුද්ධ රත්නායක නියෝජනය කළ පාසල වන පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය කලකට පසු දක්ෂතා අතරට එමින් සූරතාවය දිනා ගනිද්දී.මංජු වන්නිආරච්චි,හර්ෂ කුමාර වැනි මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර බොක්සිං සමඟ කතාබහට ලක් වූ ක්‍රීඩකයින් බිහි කළ මහනුවර විද්‍යාර්තය අනු සූරතාවය දිනා ගත්තා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොක්සිං ශක්තිය බවට වැඩෙමින් තිබෙන පල්ලේබෝවල ජාතික පාසල ග්‍රාමීය පාසලක් වශයෙන් තමන්ගේ පාසල් ක්‍රීඩකයින් පස් දෙනෙක් අවසන් වටයට කැඳවා එන්නටත් සමස්ත ලකුණු සටහනේ තෙවැනි තැන රැඳෙන්නටත් සමත් වුණා.
තරගාවලියේ කාන්තා අංශය ඇගයීම සඳහා තවම නිශ්චිත වැඩ සටහනක් නැති නමුත් කාන්තා බොක්සිං ද රටේ සිව් කොණට පැතිර ඇති බව පැහැදිළි වුණා.එයට හො දම සාක්ෂිය සැපයූ වව්නියාවේ තිරුඥාණසම්තාර් විද්‍යාලයේ එල් කගෙන්තනී සහ යූ කීර්තනා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.මේ දෙදෙනාට මඟ පෙන්වන පුහුණුකරු නික්ෂන් රූබරාජ්ගේ මඟ පෙන්වීම යටතේම තරග වැදුණු සුනේත්‍රාපුරම් සරස්වතී විද්‍යාලයේ බ්ලැක්සිකා සිවර්මදාල් රිදි පදක්කමක් දිනා ගත්තා.

තරගාවලියේ විශේෂත්වය වූයේ මේ වන විට ක්‍රියාත්මක කණිෂ්ඨ ජාතික සංචිතයේ ක්‍රීඩකයින් අටක් පමණ පරාජයට පත්වීමයි.සමහර ක්‍රීඩකයින්ය අවසාන තරගයට ඒමට හෝ අවස්ථාව හිමි වුණේ නැහැ.මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පාසල් බොක්සිං සංගමයේ ලේකම් ජමිත ගයාන් බණ්ඩාර පැවසුවේ මේ පරාජය වූ කිසිඳු කීඩකයෙක් මේ වසරේ සංචිතයෙන් ඉවත් කර නොගන්නා බවයි.එසේම මේ තරගයේ ජයග්‍රාහකයන් වූ දැනට සංචිතයේ නැති ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර ගන්නා බවත් පැවසුවා.එක පරාජයකින් ඉවතට වීසි නොකර මේ ක්‍රීඩකයින් තව දුරටත් රඳවා ගැනීම මෙන්ම ඇති වී තිබෙන තරගකාරීත්වය ද වැදගත් අතර එන වසරේ සිට සංචිතගත ක්‍රීඩකයින් පරාජයකදී ඉවත් කරන බැවින් ඉදිරි වසර ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළින් දැකිය හැකි වසරක් විය හැකියි.වතමන් ජාතික බොක්සිං සම්මේලනයේ උප සභාපතිවරයෙක් වන වසන්ත කුමාර ගේ සම්බන්ධිකරණය ද හිමිවන කණිෂ්ඨ පාසල් බොක්සිං සංචිතය මෑත කාලීනව අනාගත ක්‍රීඩා අභිවෘද්ධිට වෙනුවෙන් දුර දක්නා නුවණින් ගත් හොඳම තීරණයක් ලෙස හැඳින්විය හැකි අතර මෙවර ස්ටබ්ස් තරගාවලිය එහි කේන්ර්‍ද්‍රීය ස්ථානයක් බවට ඇති වූ තරගකාරීත්ව තුළ පත් වෙනු ඇත.

විද්‍යාණුකූල බොක්සිං රටාවේ හැඩකාර ක්‍රීඩකයින් නිර්මාණය කරන තැනක බවට ප්‍රකට කොළඹ නාලන්දයේ පී.ජී.යූ.මිහිරාන් මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණා.ඔහු ද සංචිතයට අයත් නැති ක්‍රීඩකයෙක් වන අතර එම ජයග්‍රහණයත් සමඟ ඔහු ද අනාගතය දකින කණිටු බොක්සිං සංචිතයට සුදුසුකම් ලැබුවා.එසේම සංචිතගත පල්ලේබෝවල ජාති පාසලේ මනෝජ් මලීෂ බණ්ඩාර දක්ෂතම පරාජිතයා බවට පත් කළ පේරාදේණිය විද්‍යාලයේ බී.ජී.ඩී.පියතිලක එම තරගය ජයගත්තා.එම බර කාණ්ඩයේ හොඳ තරගකාරීත්වයක් ඉදිරියේදි අපේක්ෂා කළ හැකි අතර පියතිලක සංචිතයට අලුතින් එක්වන අතර මලීෂ බණ්ඩාර ද සංචිතයේ සිටිය ක්‍රීඩකයෙක් හැටියට සංචිතයේ රැඳී සිටිනු ඇති.

ස්ටබ්ස් තරගාවලියට මෑත කාලයේ කාන්තා බොක්සිං සඳහා අවසථාව එකතුවීම වැදගත් පලදායික දෙයක් කිරීමට නම් මේ තරගාවලිය හරහා සිඳුවන කාන්තා බොක්සිං ඇගයීමට ද ඉඩක් සැකසීම වැදගත්.විශේෂයෙන් අපට ආසන්න ඉන්දියාව ලෝකයේ කාන්තා බොක්සිං ක්‍රීඩාව සමඟ කරට කර සිටින සංස්කෘතියක ශ්‍රී ලංකාවට අත්දැකීම් සොයා ගැනීම අපහසු නැහැ.මේරි කොම් වැනි කාන්තා බොක්සිං ක්‍රීඩාවේ පරමාදර්ශ බවට පත් ක්‍රීඩිකාවන්ට ද අනූෂා කොඩිතුවක්කු වැනි ක්‍රීඩිකාවන් සැළකිය යුතු බලපෑමක් කළ අතර මේ තත්ත්වය සැළකිල්ලට ගෙන කාන්තා බොක්සිං වෙනුවෙන් ද අනාගත සංචිතයක් සකසන්නේනම් සහ එම අංශයෙන් තරග වැදීමට තව තවත් ඉඩකඩ සැකසෙන්නේනම් බොහෝ විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කාන්තා බොක්සිං හරහා ලැබිය හැකි ජයග්‍රහණවලට ඇති ඉඩ විශාලය.

කෙසේ වුවත් අනාගත සැළසුමක් සහිතව ජාතික බොක්සිං සංගමයේ මඟ පෙන්වීම යටතේ බොක්සිං සංචිතයක් පවත්වාගෙන යාම වැදගත්ය.එය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ අනාගතය සමබන්ධයෙන් ගත් සාර්ථක වැඩ පිළිවෙලකි.පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන ප්‍රතිපත්තිවලින් බැහැරව පත්වන සියලුම පාලකයන් මේ ක්‍රියාවලිය සුරැකිය යුතුය.එසේම එවැනි අදහස් ඇති අය තව දුරටත් බොක්සිං යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතුවලට දායකවීම ද වැදගත්ය.එසේම මේ බොක්සිං තරගාවලිය හරහා පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට ගත් තීරණය යළිත වරක් පලදායී කටයුත්තක් බවට පත් වී ඇති අතර මේ තත්ත්වයන් තව දුරටත් වැඩි දියුණු කර ගැනිම කෙරෙහි පුහුණුකරුවන් ද ප්‍රවීනයන් සමඟ මෙන්ම සමකාලීනයන් සමඟ ද පවත්වාගෙන යන සාමූහික ක්‍රියාවලිය ද වැදගත් ය.
ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රාහී පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලීය බොක්සිං කණ්ඩායමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan