ලෝක සූරතා විස්සයි විස්සේ දහවන ශතකය රොසොව්ගෙන්

Date:

බංගලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකාවේ රිලී රොසොව් බංගලාදේශයට එරෙහිව ලකුණු 109 ක් රැස් කරන්නට සමත් වුණා.ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය යි.එම ශතකය ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියක වාර්තා වූ දහවන ශතකයද වෙනවා.

වාර්තා වී ඇති ශතක දහය අතරෙන් ශතක දෙකක්ම වාර්තා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල්.මෙම තරග ඉතිහාසයේ පිතිකරුවෙක්ට පමණක් නොවෙයි ශතක දෙකක් ලබා ගැනීමට කිසිඳු රටක්ද මේ දක්වා සමත් වි නැහැ.එසේම ගේල් වේගවත්ම ශතකය ද වාර්තා කර තිබෙනවා.එම ශතකය වාර්තා කර ඇත්තේ එංගලන්තයට එරෙහිව පන්දු 48 ක් තුළයි.ගේල්ගේ ශතකයෙන් පසුව වාර්තා වූ වේගවත්ම ශතකය හැටියට ගැනෙන්නේ 2012 දී බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 51 දී බංගලාදේශයට එරෙහිය ලැබූ ශතකය වන අතර එදා බ්‍රෙන්ඩන් මැකලම් රැස් කර ලකුණු 124 මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරගයක පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය ද වෙනවා. රොසොව් ලබා ගත් ශතකය වේගවත් බව අතින් තෙවත තැන රැඳෙනවා.ඔහු පන්දු 52 දී මෙම ශතකය වාර්තා කළ අතර ඔහු ලකුණු 109 රැස් කරේ පන්දු 56 දී යි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වී ඇති එකම ශතකය වාර්තා කරන්නට සමත් ව ඇත්තේ මහේල ජයවර්ධනයි.ඔහු පන්දු 64 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 100 රැස් කරන්නේ 2010 තරගාවලියේ දී යි.වැඩිම ශතක ප්‍රමාණයක් ලබා ගන්නට ප්‍රතිවාදීන්ට ඉඩ ලබා දී ඇත්තේ බංගලාදේශ කණ්ඩායමයි.අද රොසොව් ලබා ගත් ශතකය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි තුළ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව වාර්තා වූ තෙවන ශතකයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ද ශතක දෙකක් වාර්තා වී තිබෙනවා.ඒ ශතක දෙකම වාර්තා කර ඇත්තේ එංගලනත ක්‍රීඩකයන් විසින්.ඒ ශතක දෙක ඇලෙක්ස් හෝල් (116) 2014 දී සහ වත්මන් එංගලන්ත විස්සයි විස්ස නායක ජොස් බට්ලර් (101) 2021 දී එම ශතක වාර්තා කර තිබෙනවා.දකුනු අප්‍රිකාවට එරෙහිව ද ශතක දෙකක් වාර්තා වි තිබෙන අතර මෙහි සටහනෙන් හඳුනාගත නොහැකි ශතක දහයට හසු නොවන අනෙක් ශතකය වාර්තා වී ඇත්තේ ඕමානයට එරෙහිවයි.බංගලාදේශයේ තමීම් ඉක්බාල් ඕමානයට එරෙහිව ලකුණු 103 ක් ලබමින් වාර්තා කළ එම ශතකය මේ දක්වා ක්‍රීඩකයෙක්,ලෝක කුසලාන තරගයකදී ටෙස්ට් කණ්ඩායමක් නොවන කණ්ඩායමකට එරෙහිව ලෝක කුසලාන තරගයක වාර්තා කළ එකම ශතකය ලෙස වාර්තා වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...