නාල්ගේ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 72ක දක්වා ඉහළට

Date:

පිලිපීනයේ පැයට කිලෝමීටර් 160ක වේගයකින් හමාගිය නාල්ගේ නිවර්තන කුණාටුව හේතුවෙන් 72දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බව පිලිපීනයේ ආපදා ඒජන්සිය වාර්තා කර තිබේ.

පිලිපීනයේ නැගෙනහිර කැටන්ඩුවාන්ස් පළාතට සුළි සුළඟ ගොඩබැසීමත් සමඟ දකුණු පළාතේ හදිසි ගංවතුර හා නාය යෑම් වාර්තා වී ඇත. මැනිලා අගනුවරට මේ වන විටත් අඛණ්ඩව පැය 10ක් තිස්සේ වර්ෂාව ලැබෙමින් පවතින අතර මේ තත්වය හෙට දිනය දක්වා පවතින බව රාජ්‍ය කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

අවධානම් සහිත කලාපවල පුද්ගලයන් 7000ක් පමණ මේ වන විට ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහන සේවා දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව නිවර්තන කුණාටු 20ක් පමණ පිලිපීනයට පහර දෙන අතර පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්, කුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට ශෝකය පළ කළ අතර, දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවලට ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය සැපයුම් සමඟ හදිසි සේවා යොදවා ඇති බවට තහවුරු කර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...