රටම අළු කළ කල්ලිය අළු මතින් නැගිටින්න හදනවා. ජනතාව නිසි තීන්දුව දෙයි – සජිත් (VIDEO)

Date:

මුඩු ඉඩම් තේ වගාවට යොමු කිරීමත්, ජීවිත කාලය පුරාම කම්කරුවන් ලෙස සිටි වතු ක්ෂේත්‍රයේ ජනතාව කුඩා තේ වත්තක හිමි කරුවෙක් බවට පත්කිරීමත් යථාර්ථවාදී ප්‍රායෝගික ක්‍රියාවලියක් බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇතැම් කණ්ඩායම් ඊට සමච්චල් කළ බවද පැවසීය.

එදා තමන්ගේ යෝජනාවට සමච්චල් කළ පිරිස් ආණ්ඩු බලය ලබාගෙන සිදුකළේ වතු ජනතාවගේ ජීවිත නරකාදියට තල්ලු කිරීම බවත්,ඊර්ෂ්‍යාවෙන් ජාතිවාදය අවුස්සා රට විනාශ කිරීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හැම තේ පඳුරක් යටම ඇත්තේ වතු ජනතාවගේ අසීමිත දුක් වේදනාව සහ කඳුල බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ ජනතාවගේ ජීවිත නරකාදියට තල්ලු කිරීමේ පාපකර්මයට වගකිවයුත්තේ රාජපක්ෂ ආණ්ඩුව බව ද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 38 වන බස්රථය කොටගල හැටන් කේම්බ්‍රිජ් විද්‍යාලයට ඊයේ (29) පරිත්‍යාග කරනු ලැබීය. ඒ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජන බලවේගය විසින් අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය විප්ලවයක් ආරම්භ කරන බවත් වතු කම්කරු ජනතාවගේ ජීවනෝපාය මට්ටම ඉහළ නැංවීම උදෙසා වැඩපිළිවෙළක් වැඩ පිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රට විනාශ කළ කල්ලිය අළු පිස දමා නැගිටීමට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, එම කල්ලිය නැගී සිටීමට සැරසෙන්නේ මුළු රටම අළු කිරීමෙන් පසුව බවද සඳහන් කළේය.

රට බංකොලොත් කොට ජනජීවිත නරකාදියට තල්ලුකළ කල්ලියකට නැවතත් බලය දෙනවාද නැද්ද යන්න රටේ ජනතාව තීන්දු කරනු ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...