තිරිඟු පිටි මිලත් අඩුවෙයි. එහෙත් පාන් මිලේ තවමත් වෙනසක් නෑ !

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 250ක් දක්වා අඩුවී ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ පෙරේදා (28) සිට මෙම මිල අඩුවීම සිදුව ඇති බවයි.

දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය ඔස්සේ තිරිඟු පිටි ආනයනය කිරීමට රජය අවසර ලබාදීම නිසා මෙසේ මිල අඩුවී ඇති බව පැවසූ ඒ මහතා, ඒ අනුව එළඹෙන උත්සව සමය අවසන් වන තෙක්ම වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් මිල රු. 250 සීමාව තුළ පවත්වාගෙන යාමට හැකි බවත් සඳහන් කළේය.

ඒ අනුව, තිරිඟු පිටි මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදෙන ලෙස ඒ මහතා බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් බේකරි නිෂ්පාදනවල මිල මේ දක්වාම අඩුවීමක් සිදුව නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...