*
Friday, October 18, 2024
spot_img

Latest Posts

එජාපය සන්ධානගත වෙන්න ඕනෑ පොහොට්ටුව එක්කද ? සජබ එක්කද ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල ගණනක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට නියමිත බවට පුවතක් මීට සති දෙකකට පමණ පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි. එම පුවතට යම් පදනමක් ලබාදෙමින් පොහොට්ටුවේ ප්‍රබලයෙකු වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ද ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට තමන් තීරණය කළ බවකි.

මේ අතර මීට දින කිහිපයකට පෙර පළවූ පුවතකින් කියැවුණේ පොහොට්ටු මන්ත්‍රීවරුන් රැසක් සෘජුවම එජාපයට එක්වීමට අකමැති නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවා එම පොහොට්ටු මන්ත්‍රීවරුන්ව එම සන්ධානයට එකතු කරගැනීමට නියමිත බවකි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය දැනට පවතින තත්වය අනුව ඔවුන්ට ඉදිරියේදී එම ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට නම් සන්ධානගත විය යුතුව තිබේ. මන්දයත් මේ තත්වයෙන් ඔවුන් තනිව මහමැතිවරණයකට මුහුණ දුනහොත් ආසන 6ක් හෝ 7ක් වැනි සංඛ්‍යාවකට වඩා දිනා ගැනීමට නොහැකි බැවිනි. බිම්මට්ටමේ යතාර්ථය එයයි.

එජාපය 2020 මහමැතිවරණයේදී දැවැන්ත කඩාවැටීමකට මුහුණ දෙමින් එක් මන්ත්‍රී ආසනයකට පමණක් සීමා විය. එසේ වූයේ එජාප පාක්ෂිකයින් පොහොට්ටුව සමග එක්වීමක් සිදුවූ නිසා නොවේ. එය සිදුවුණේ නායකත්වය පිළිබඳ ගැටලුවක් නිසා එවකට එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අලුත්ම පක්ෂයකින් මහමැතිවරණයට තරගවැදීම නිසා ය.

පක්ෂයේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයේදී සිදුවුණේ පක්ෂයේ ඉහළ ධනවත් පැළැන්තිය සජිත් ප්‍රේමදාස මහතාව පක්ෂ නායකයා වශයෙන් පිළිගැනීමට අකමැති වීමයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කීර්තිය නිසා පමණක් ඉහළට පැමිණි අයෙකු වශයෙන් හඳුන්වමින් සජිත්ව අවතක්සේරු කළ ඔවුන් පක්ෂයේ නම සහ අලියා ලකුණ පිළිබඳ දැවැන්ත අධිතක්සේරුවකින් යුතුව කටයුතු කරනු දක්නට ලැබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිතාගත නොහැකි මට්ටමේ අතිදැවැන්ත පරාජයකි.

එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසගතවම මෙරට ඉහළ ධනවත් පැළැන්තියේ දේශපාලන පක්ෂයයි. නමුත් ඔවුන්ගේ දේශපාලනය බලය රැඳී තිබුණේ ගම් මට්ටමේ බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාව අතර ය. 2020 මහමැතිවරණය හමුවේ පක්ෂය දෙකඩ වීමෙන් සිදුවුණේ මෙකී කොම්ප්‍රදෝරු ධනපති පැළැන්තිය සහ සාමාන්‍ය ජනතාව වෙන්වීමයි.

අපි නැවතත් සන්ධානගත වීම පිළිබඳ මාතෘකාව දෙසට හැරෙමු …

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ විධායක ජනාධිපති තනතුර හොබවයි. ඒ මහතා ආණ්ඩුව පවත්වාගෙන යන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙනි.

නමුත් පොහොට්ටුව යනු ජනතාව විසින් තමන්ට ලබාදුන් බලය තමන් විසින්ම නැති භංගස්ථාන කරගත් පක්ෂයකි. ඔවුන් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සෙල්ලමකින් විනා ජනතාව අතර තමන්ට ඇති බලයක් නිසා නොවේ. මේ මොහොත වනවිට පොහොට්ටුව යනු ජනතාව විසින් පහරදී පන්නා දැමූ දේශපාලකයින්ගේ පක්ෂයකි. බලය පවත්වාගෙන යාමේදී නෛතිකව ඔවුන්ට තවමත් ඒ හැකියාව ඇති නමුත් මීළඟ මහමැතිවරණයකදී තත්වය උඩු යටිකුරු වනු නියත ය.

2020 මහමැතිවරණයේදී පොහොට්ටුවට ආසන 145ක් දිනාගත හැකිවිය. එසේ පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් දැනටමත් වෙන්ව ස්වාධීන වී සිටිති. ඒ සියල්ලම සලකා බැලුවත් මීළඟ මහමැතිවරණයේදී එම කඳවුරට දිනාගත හැකිවනු ඇත්තේ උපරිම ආසන 50කට ආසන්න සංඛ්‍යාවකි. එවන් තත්වයක් තුළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් සෘජුවම එජාපයට සම්බන්ධ කරගෙන මීළඟ මහමැතිවරණයට මුහුණ දුන්නත් ඔවුන් අතරින් කීදෙනෙකුට තමතමන්ගේ ඡන්ද පදනම් රැකගත හැකිවේද යන්නම ප්‍රශ්නයකි.

එසේම පොහොට්ටු මන්ත්‍රීවරුන් මීළඟ මහමැතිවරණයට ඉදිරිපත් වන්නේම ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය ඇතිකිරිමේ අපවාදයත් හිස දරාගෙන ය. මීළඟ මහමැතිවරණයේදී මෙරට දේශපාලන පක්ෂ අතරින් අවාසිසහගතම තත්වය ඇත්තේ පොහොට්ටුවට ය. ඔවුන් සමග එක්ව තරග වදින්නන් සියල්ලටම ඒ අවාසියට කරගැසීමට සිදුවීම නියතය කි.

මේ සියල්ලටම වඩා එවන් සන්ධානයක් තුළ පොහොට්ටුව එහි බහුතරය නියෝජනය කරන අතර එජාපයට සිදුවන්නේ සුළුතරය වශයෙන් සන්ධානයට එක්වීමට ය. සාමාන්‍යයෙන් එවන් සන්ධානයකදී අනිවාර්යයෙන්ම සිදුවන්නේ බහුතරය තුළ සුළුතරය දියවී යාම ය. ඒ අනුව එජාප – පොහොට්ටු සන්ධානයක් තුළ එජාපය නැත්තටම නැතිවී ගොස් බෝඩ් ලෑල්ලක් පමණක් ඉතිරි වීමේ අතිවිශාල අවදානමක් පවතී.

මේ අවදානම නැතිකර ගත හැක්කේ කෙසේද ?

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා බිහි කළ පක්ෂය ලෙස එජාපය දේශපාලන කරළියෙන් වියැකී යාමට නොදී රැකගැනීමට නම් කළ යුතුව ඇත්තේ 2020 මහමැතිවරණය හමුවේ සිදුවූ වරද නිවැරදි කරගැනීම ය. එනම් සමගි ජන බලවේගය නමින් තමන්ගෙන් වෙන්ව ගිය පක්ෂයේ බිම් මට්ටමේ ඡන්ද පදනම ආපසු පක්ෂය තුළට කැඳවා ගැනීම ය.

එය දේශපාලන කුමන්ත්‍රණ මාර්ගයෙන් හෝ විධායක ජනාධිපති ධුරයේ බලය පෙන්වීමෙන් නම් කළ හැක්කක් නොවේ. එය කළ හැක්කේ එජාප නායකත්වය ඊට සුදුස්සා වන සජිත් ප්‍රේමදාස මහතාටම භාරදීමෙනි. 2020 පරිදිම නැවත වතාවක් මීට කොළඹ කේන්ද්‍රීය ඉහළ ධනවත් පැළැන්තිය විරුද්ධ වන්නේ නම් ඔවුන්ට සිදුවනු ඇත්තේ නැවත වතාවක් ඓතිහාසික පරාජයක අමිහිරි අත්දැකීම විඳගැනීමට ය.

අනෙක් අතට සජිත් ප්‍රේමදාස යනු මෙකී ඉහළ ධනවත් පැළැන්තිය හා සමහන් විය නොහැකි පුද්ගලයකු ද නොවේ. රණසිංහ ප්‍රේමදාස මහතාට එජාපයේ ඉහළ ධනවත් පැළැන්තියේ එල්ල වූ විරෝධය සජිත් ප්‍රේමදාස මහතාට එල්ල වීමට සාධාරණ හේතුවකුත් නැත. මන්දයත් සජිත් ප්‍රේමදාස යනු එංගලන්තයේ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලැබූ, එරට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ දේශපාලන ක්‍රමයේ ආභාෂය ලැබූ අයෙකු බැවිනි. ඊට අමතරව මෙරට බිම් මට්ටමේ ජනතාව අතර දැවැන්ත ඡන්ද පදනමක් සහතික කරගැනීමේ හැකියාව ද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ. එමෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු පසුගිය කාලයේ පෙන්වූ ලක්ෂණ අනුව එම ඡන්ද පදනම තවදුරටත් ඔහු වැඩිකරගෙන ඇති බවත් පැහැදිලි ය.

මෑත කාලීනව සමූපකාර ඡන්ද එකපිට එක ජයග්‍රහණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වමින් සිටින්නේ ජාතික දේශපාලනය තුළ මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ කවුදැයි කියාය. කවුරුන් අකමැති වුවත් මහහැර යා නොහැකි සත්‍යය එයයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිය දේශපාලන දිවියෙහි යා හැකි ඉහළම තැනට ගොස් සිටී. දශක හතරකට අධික සිය දේශපාලන ගමන තුළ ඒ මහතා දැන් රටේ විධායක ජනාධිපති ධුරය අත්පත් කරගැනීමට සමත්ව ඇත. සජිත් ප්‍රේමදාස යනු තමන් අති දක්ෂයෙකු බව ක්‍රියාවෙන් ඔප්පු කළ අයෙකි. එමෙන්ම ජනතාව අතර දැනටමත් ඉහළ ආකර්ෂණයක් හිමි, එම ආකර්ෂණය දිනපතා වර්ධනය කරගනිමින් සිටින අයෙකි.

දේශපාලනයෙහිදී මිතුරන් සතුරන් වීමත් සතුරන් මිතුරන් වීමත් ස්වභාවික තත්වයකි. මිතුරන් සතුරන් වූ අවස්ථාවලදී නොයෙකුත් අමිහිරි කතාවලින් පහරදීගැනීමත් සුලබ කාරණයකි. එහෙත් ඒවා ආපසු හැරවිය නොහැකි තත්වයන් නම් නොවේ.

ප්‍රශ්නය වන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදීත් පරණ තරහ මරහ අමතක කර එකතු වීමට නොහැකි නම් ය.

~ දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan