භානුක රාජපක්ෂත් රිවස් කරයි – රිටයර් ලිපිය ඉල්ලා අස්කර ගනී

Date:

අන්තර්ජාතික පිටියෙන් ඉවත්වීමට ගත් තීරණය ආපසු හැරවීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබෙනවා. ඔහු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙන්නේ සමු ගැනීම පිළිබඳව දැනුම්දෙමින් එවූ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවයි.

තමා යළිත් ජාතික කණ්ඩායමේ තේරීම් සඳහා සලකා බලන ලෙසද ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

පසුගියදා භානුක ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවයි.

මෙම තීරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගිය අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා යාමට සූදානම් වන බවද වාර්තා විය. වෙනත් පිරිසකගේ බලපෑම් මත භානුක මෙම තීරණයට එළඹ ඇති බවට මෙන්ම ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ගැටලුවක් නිසා සමු ගන්නා බවටද වාර්තා විය. මීට අමතරව ආගමික ගැටලුද සමුගැනීම සඳහා හේතු වී ඇති බවටයි සමාජ මාධ්‍යවල වාර්තා වී තිබුණේ.

භානුකගේ තීරණයෙන් පසුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් ඉල්ලා සිටියේ තීරණය වෙනස් කරන ලෙසයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සමු නොගන්නා ලෙස භානුකගෙන් ඉල්ලා සිටි අතර ඉන් අනතුරුව ඇමතිවරයා සහ භානුක අතර හමුවක්ද පැවැත්විණි. භානුකගේ තීරණය වෙනස් වීම සඳහා එම හමුවද බලපාන්නටද ඇත.

පසුගිය කාලයේදී සීමිත ඕවර් තරගවල කැපී පෙනෙන පිතිකරුවන් කිහිප දෙනා අතර සිට භානුක තවදුරටත් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටීමට තීරණය කිරීම ක්‍රීඩාලෝලීන්ගේ නම් දැඩි සතුටට හේතු වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...