වැඩිය වටින්නෙ දිනනවා කියන එකයි

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව ගියේ ආසියානු කුසලානයේ බරත් රැඟෙනයි.ඒ බර ඔවුන්ට වඩා මේ රටේ මාධ්‍යය කර තියාගෙන යන්න උත්සාහ කරා.කිසිම වගකීමක් නැතුව ඔවුන් අපූරු විදිහට රූප මාධ්‍යය හරහා ආසියානු කුසලානයේ බර තමන්ගේ බරක් විදිහට එකතු කර ගත්තා.රටක් හැටියට පතුලටම වැටිලා ඉන්න මොහොතක මිනිස්සුත් ක්‍රිකට්වලට ආසද නැද්ද කියන එක පැත්තකින් තියලා මේ ජයග්‍රහණයේ එල්ලුණා.කට්ටියම ගමරාළ දිව්‍ය ලෝකයේ ගියා වගෙ පරාජිත ආත්ම රැගෙන ජයග්‍රහණයත් එක්ක ඉඟිල්ලුණේ පූර්ව සැළසුමකින් නොවෙයි.කණ්ඩායම නැට්ටෙ උඩම ඉදල පස්සෙන් අහන ප්‍රශ්නවලට උථ්තර දුන්නෙ අවධානයකිනුත් නෙමෙයි.කොයි මොහොතෙ හරි ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියෙ විශාලත්වය තමන්ගෙ අත් දෙකෙන් පෙන්නන්න ඉඩ තියෙන බව පේන්න තිබුණා.

දැන් මේ ඉන්නෙ එහෙම පෙන්නන්න ගිහිං නැට්ට දිගේ රූටාගෙන එන තැනක.නැට්ට අහුවෙන්නත් ඉඩ තියෙනවා.නමුත් නැට්ට අහුවීමෙන් නෙමෙයි රැදීම තියෙන්නෙ.දැන් ඉන්නෙ නැඟීම නෙමෙයි රැදීමයි වැදගත් කියන තැන.කණ්ඩායමකට කුසලානයක් තරමටම හැම තරගයකම ප්‍රතිපලය වැදගත් වෙනවා.ඒ තමන්ගෙ ප්‍රබලකම වගෙම අභිමානයත් රැකගෙන ජයග්‍රාහි ස්ථාවරය ආරක්ෂා කරගන්න.ඒ නිසා අද තරගය ලෝක කුසලාන අවසාන පූර්ව වටයට පිවිසීම කියන අහම්බයෙන් බැහැරව ආවත් නො’ආවත් දිනන්න ඕනි කියන තැන ඉඳගෙන තරග කළ යුතු තරගයක්.ඒ ජයග්‍රහණයේ අතිරේක වරප්‍රසාදයක් විදිහට ශ්‍රී ලංකාවට අවසාන පූර්ව තරගයට හැඳෙන ඉඩ සැකසෙන්නෙ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සාර්ථක හෝ අසාර්ථක වෙන තත්ත්වයන්ට සාපේක්ෂව.ඒ වගෙම මෙහිදී වැදගත්ම තව කාරණයක් තමයි වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීම.ජයග්‍රහණයට එය එකතුවීමත් වැදගත්.

මෑත ඉතිහාසයේ වැදගත්ම සාධකයක් හැටියට ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණවල පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් ආරම්භක කඩුල්ලට එකතු කරන සබඳතාවය රැඳිලා තිබුණා.එසේම දසුන්ට උඩින් පසුගිය තරගයේ පන්දුවට පහර දෙන්න එවූ චාමික දසුන් සහ වනිදු අතරට ගැනීමත් වැදගත්.චාමික විස්සයි විස්ස තරගවලදි කටයුතු කර තිබෙන්නේ හොඳ සබඳතා සඳහා අනෙකාට සහයවෙමින්.නමුත් පන්දු යවන්නෙක් හැටියට වැඩියෙන්ම චාමිකගෙ වැදගත්කම ගැනත් ඔහු සැළකිල්ලට ගැනිම වැදගත්.
අද තරගයට “අවසාන පූර්ව තරගයට පිවිසීම සඳහා” කියන කාරණය පීඩනයක් හැටියට නොගෙන එය හිමි විය හැකි වරප්‍රසාදයක් පමණක් බව දැන වැදගත්ම දේ ජයග්‍රහණය බව සිතා ක්‍රීඩා කිරීමයි වැදගත්.කඩුලු අතර දිවීමේ වේගය වගේම පන්දු රැකීම අතිශයින් වැදගත් අතර ශ්‍රී ලංකාව තුළින් ජයග්‍රාහී අනෙක් කණ්ඩායම්වලින් දුටුව එම ලක්ෂණය නොදැකීම පරාජයට හේතු වූ ප්‍රධාන කාරණය සේ සැළකීමත් වැදගත්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...