කැබිතිගොල්ලෑවේ විරෝධතාවකදී පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියෙක් මරුට !

Date:

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියෙක් ජනතාවගේ පහරදීමට ලක්ව මියගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී වන අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබූ අතර එහිදී ප්‍රදේශවාසීන් නොසන්සුන් වී උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.

භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සියයක පමණ පිරිසක් එම අවස්ථාවේදී කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක් පවත්වා ඇත.

එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට එම විරෝධතාකරුවන් ගල් මුගුරුවලින් පහරදීමට උත්සාහ කළ අතර තත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබූ බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර එම විරෝධතාවේ සිටි පුද්ගලයකු විසින් එල්ල කළ මුගුරු ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයකු බරපතළ තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යවන අවස්ථාවේදී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සේවය කළ, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැරයන්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...