ඇමති සනත් නිශාන්තගේ ජීප් රථයේ හැපුණු පුද්ගලයා මරුට !

Date:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය ඔක්තෝබර් 15 වනදා පුත්තලම නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු සනත් නිශාන්ත මහතාගේ ජීප් රථයේ ගැටී තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහුගේ තත්වය බරපතළ හෙයින් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද ජීප් රථයෙහි සිට ඇති අතර රිය පැදවූ පුද්ගලයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...