ඊලෝන් මස්ක් ට්විටර්හි එකම අධ්‍යක්ෂක වරයා බවට පත් වේ ; වඳුරකු අතට දැලිපිහියක් ලැබී ඇත.

Date:

ඊයේ (31) දිනයේදී එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙත ගොනු කරන ලද ලේඛනවලට අනුව, ට්විටර් සමාගමේ “එකම අධ්‍යක්ෂවරයා ” බවට මස්ක් පත්ව ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ ඔහු ඩොලර් බිලියන 44ක් වැය කර ට්විටර් සමාගම පවරා ගැනීමෙන් පසු සමාගම වාමාංශික අදහස් වලට පක්ෂග්‍රාහී බවට මස්ක් චෝදනා කර තිබේ. ඒ අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර මස්ක් එහි එකම අධ්‍යක්ෂක බවට පත්ව ඇති අතර ඔහු මේ වන විට ට්විටර් හි සියලුම කැපී පෙනෙන බැඳුම්කර ආපසු මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

(SEC) වෙත ගොනු කරන ලද ලේඛණවලට අනුව Twitter හි දෙවන විශාලතම කොටස් හිමියකු පිළිබඳ අනාවරණය වන අතර ඔහු සෞදි කුමරු අල්වලීඩ් බින් තලාල් වේ.

කෙසේ නමුත් සුවිශාල සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් ඊලෝන් මස්ක් විසින් අත්පත් කර ගැනීම හේතුවෙන් නිදහස් කථනය අභියෝගයට ලක්විය හැකි බවට විවාදයන් ඉදිරිපත් වෙමින් තිබේ. ඒ අනුව වඳුරකු අතට දැලිපිහියක් ලැබී ඇත.

කෙසේ නමුත් මස්ක් සිය සැළසුම් මේ වන විටත් ඉදිරිපත් කර නොමැති අතර, සමාගමේ මධ්‍යස්ථ නීති රීති ලිහිල් කරමින් සේවක පිරිස අඩු කිරීමට සැරසෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...