*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/01

  1. ශ්‍රී ලංකාව තුළ ඉතා තරඟකාරී තේ කර්මාන්තයක් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – තේ කර්මාන්තය නවීකරණය කරමින් නැවත නඟාසිටුවීමට විධිමත් පියවර ගන්නා බව ද පවසයි.
  2. කථානායක මහින්ද යාපා අබේවර්ධන, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත්සන් තබයි.
  3. වසරින් වසර (Y-o-Y) පදනම මත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව සමස්ත උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ සියයට 69.8 ට සාපේක්ෂව 2022 ඔක්තෝම්බර් මාසයේදී සියයට 66 දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි – ආහාර උද්ධමනය සියයට 94.9 සිට සියයට 85.6 දක්වා ද පහත වැටී ඇත – ප්‍රවාහන උද්ධමනය සියයට 150.4 සිට සියයට 144.2 දක්වා පහත වැටේ.
  4. වෙනම දේශපාලන පක්ෂවල සිටියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහට සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි – ප්‍රතිපත්ති සලකා බැලීමේදී වෙනස්කම් තිබෙන බව පිළිගනී – රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා දෙපාර්ශවයම අතරමගදී හමුවීමට දරණ උත්සාහය පිළිබඳව ද පැහැදිලි කරයි.
  5. තම පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරයි – වත්මන් ආණ්ඩුවේ කල් ඉකුත්වීමේ දිනය දැනටමත් පසුවී ඇති බව පවසයි – බොහෝ මන්ත්‍රීවරුන් එය අතහැර දැන් විපක්ෂයේ වාඩි වී සිටින බව ද පෙන්වා දෙයි.
  6. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ පවසන්නේ ශ්‍රීලංකන් කේටරින් ලිමිටඩ් (SriLankan Catering Ltd.) සහ තම සමාගමේ ගොඩබිම් හැසිරවීමේ ඒකකයේ කොටස් විකිණීමෙන් ඇ.ඩො. මිලියන 600ක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බවයි – එමගින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කරයි.
  7. සතිපතා නිකුත් කරන ලීටර් 10 ක ඉන්ධන කෝටාව ලබා දීමට බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සඳහා ප්‍රවාහන හා බලශක්ති අමාත්‍යාංශ එක්ව www.wptaxi.lk වෙබ් අඩවිය දියත් කරයි.
  8. අනුරාධපුර කැබිතිගොල්ලෑව රඹකැපුවැව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තැබීමක් සිදු කර ඇත – එක් පොලිස් නිලධාරියෙකුට තුවාල!
  9. සියයට 2.5 ක නව සමාජ ආරක්ෂණ දායක බද්ද, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රජය සතු සියලුම උපයෝගිතා සේවා සපයන්නන් සඳහා අදාළ වන බව මුදල් අමාත්‍යාංශය පවසයි – බද්ද පාරිභෝගිකයා වෙත පැවරීමට ද ඉඩ ඇත.
  10. 2022 වසරේ පළමු භාගයේ සියයට 80 ක ආයතනික ඉපයීම්වල ඉහළයාමට සාපේක්ෂව 2022 වසර තුළ එම ඉපැයීම් වසරින් වසර (YoY) සියයට 30 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව සොෆ්ට්ලොජික් කොටස් තැරැව්කරුවන්ගේ (Softlogic Stockbrokers) සමාගමේ පර්යේෂණ ප්‍රධානී මහේෂ් උඩුගම්පොල ප්‍රකාශ කරයි – 2023 දී ආයතනික ඉපැයීම් සියයට20-25 කින් අඩු වනු ඇතැයි ද පුරෝකථනය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan