*
Friday, September 20, 2024
spot_img

Latest Posts

වනිදු හොඳට කරා – එංගලන්තය හොඳටම කරා

වර්ෂාව නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව තරග සඳහා පිවිසීමේ දී ඇතැම් කණ්ඩායම්වලට අසාධාරණයක් විය හැකියි.එහිදී සම්පුර්ණ තරගය ක්‍රියාත්මක වී තීරණයක් ඒමට වඩා සමහර කණ්ඩායම්වලට ජය පරාජයෙන් තොරවීම නිසා හිමිවන ලකුණ යම් කිසි ආකාරයකට අවසාන පූර්ව වටයට පිවිසීමට තරග කරන කණ්ඩායමකට වඩා හේතුවක් විය හැකියි.ඊට හොඳම උදාහරණය තරග සියල්ලම තරග කළ එකම කණ්ඩායම වන ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකකට ලකුණු 4 ක් ලැබුවත්,ජය පරාජයෙන් තොර වී එක ලකුණ බැඟින් ලබා ඇෆගනිස්ථානය ලකුණු 2 ක් ලැබීමයි.එසේම මෙසේ වෙද්දී ලකුණු සම තත්ත්වයක සිටියහොත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ජයගත් තරගවල හොඳ ලකුණු වේගයක් තබා ගැනීම හරහා ලකුණු සම වූ තරගයක කෙනෙක්ට වාසිදායක වීමට ඇති ඉඩ විශාලයි.
මේ තත්ත්වය යටතේ අද පැවති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණත් නවසීලන්තය එංගලන්තයට පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු පූවරුවේ සිව්වන තැන රැඳෙන්නට සිඳු වුණා.මේ අනුව ශ්‍රී ලංකාවට උඩින් රටවල් තුනක් ලකුණු 5 බැඟින් ලබාගෙන සිටිනවා.ඒ අතරින් නවසීලන්තයට අයර්ලන්තය ද,ඕස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්තානය ද එංගලන්තයට ශ්‍රී ලංකාවද හමුවෙන්න නියමිතයි.නවසීලන්තය,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය ගතහොත් එම කණ්ඩායම් තුනටම ලකුණු 7 බැඟින් ලබා ගන්නට අවස්ථාව තිබෙනවා.ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කර ඊට අමතරව ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය සහභාගිවන තරගයක් පරාජයට පත් වුවහොත් එම කණ්ඩායම් දෙකෙන් ජයගන්නා කණ්ඩායමකට සහ ශ්‍රි ලංකාවට අවසාන පූර්ව වටයට පිවිසෙන්නට ඉඩ ලැබෙනවා.නමුත් නවසීලන්තය,එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ජය ගතහොත් ලකුණු සම තත්ත්වයේ සිටින කණ්ඩායම් තුනෙන් අඩු ලකුණු වේගය පෙන්වන සත්කාරක ඕස්ට්‍රේලියාවට අවසාන පූර්ව වටය අහිමි වෙනවා.ඒ නිසා ඕස්ට්‍රේලියාව සිටින්නේ තරගය ජයගත්තත් විශාල ලකුණු පූවරුවකට යාමකට යා යුතු තත්ත්වයකයි.

ඇෆ්ගනිස්ථාන තරගයේ දී වනිඳු හසරංග යළි හොඳින් දස්කම් අතරට පිවිසෙමින් ඇෆ්ගන් ප්‍රහාරක යාන්ත්‍රය අක්‍රිය කර දැමුවා.පන්දු ඕවර් 4 නිමාවේ ඔහු ලකුණු 13 ක් පමණක් දීමෙන් නොනැවතී කඩුලු තුනක්ද දවා ගත්තා.ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් කිසි පාලනයකින් යුතුව පන්දු යවමින් ඇෆ්ගන් ඉණිම ලකුණු 144 ට සීමා කරා.ඇෆ්ගන් ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 42 ක් එක් කරමින් උස්මාන් ගානි (27) ලකුණු 42 ක් රැස් කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට එම කණ්ඩායමට නොහැකි විය.එම ලකුණු ප්‍රමාණයන් දෙක එම කණ්ඩායමේ වැඩිම ලකුණු ප්‍රමාණයන් ද විය.වෙනත් සැළකිය යුතු ලකුණු සහිත කඩුලු සබඳතාවයක් එම ඉණිමේ දකින්නට ලැබුණේ නැහැ.

එහි ප්‍රතිපලයක් ලෙස ඉලක්කය වූ ලකුණු 144 ඕවර් 20 නිමා වීමට පන්දු නවයක් ඉතිරිව තිබීයදී කඩුලු හතරක් පමණක් දැවී ලබා ගන්නට සමත් වුණා. ලකුණු ප්‍රමාණය 148 ක් ලෙස 19 වන ඕවරයේ තෙවන පන්දුවේදී ධනංජය සිල්වා හතරේ පහරකින් සළකුණු කරද්දි ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට කළ නොහැකි වූ හොඳ කඩුලු සබඳතා තුනක් සටහන් වී තිබිණි.දෙවන කඩුල්ලට ලකුණු 34 ක් කුසල් මෙණ්ඩිස් (25) ක් සමඟද,තෙවන කඩුල්ලට චරිත් හසලංක (19) සමඟ ලකුණු 54 ක් ද,සිව්වන කඩුල්ලට භානුක රාජපක්ෂ (18) සමඟ ලකුණු 42 ක් ද එකතු කළ ධනංජය පිත්තෙන් ජයග්‍රහණය සඳහා අවශ්‍යය අඩිතාලම දැමීමට මූලිකත්වය ගත්තේය.

නමුත් ඒ ජයග්‍රහණයෙන් විවර වූ ඉඩ එංගලන්තය නවසීලන්තය පරාජය කිරීමත් සමඟ යළිත් පටු විය.එංගලන්තය අයර්ලන්තය ඉදිරියේ ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පරාජයට පත් වී සිටින තත්ත්වයක ජයග්‍රහණය සම්බන්ධ දැඩි ඕනෑකමකින් සටන් කර නවසීලන්තයට එරෙහිව ලකුනු 20 ක ජයක් ලබා ගත්තේය.ආක්‍රමණය මෙන්ම කඩුලු රැක ගැනීම කෙරෙහිද පුළුල් අවධානයකින් ක්‍රියා කළ එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය වන නායක ජොස් බට්ලර් (73) සහ ඇලෙක්ස් හෝල් (52) පළමු කඩුල්ලට පන්දු ඕවර් 10.2 තුළ ලකුණු 81 ක සබඳතාවයක් ද පැවත්වීය.ඒ අනුව ලකුණු 179 ක් වූ එංගලන්ත ඉණිමට එරෙහිව ශ්‍රී ලංකාවට එල්ල කළ ආකාරයේම ඉණිමක් ගොඬ නඟමින් ග්ලේන් පිලිප්ස් ලකුණු 62 ක් ලැබුව දඑය නවසීලන්ත ඉණිම ලකුණ 159 කින් එහාට තල්ලු කරන්නට නොහැකි විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan