අද පාරට බහින්නේ අවස්ථාවාදීන්. අපි ඕකට නෑ, ඕක සටනක් නෙවෙයි – ජවිපෙ වසන්ත (VIDEO)

Date:

රාජ්‍ය මර්දනයට එරෙහිව අද (02) පැවැත්වෙන විරෝධතාවට සහභාගී වන්නේ අවස්ථාවාදීන් බවත් ඔවැනි ඒවාට තම පක්ෂය සම්බන්ධ නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

“අපි දෙවැනිදා සහභාගී වෙන්න ඕනෙ අවංක වුවමනාවකින් සටන් කරන මිනිස්සු සටන් කරනවා නම්. මේ සටන් කරන්නේ අවස්ථාවාදීන්. මේක සටනක් නෙවෙයි. වසන්ත මුදලිගේ සහෝදරයායි සිරිධම්ම හාමුදුරුවනුයි බේරාගන්න කියලා සටනට එනවා, ජාතික සම්පත් විකුණනකොට පාර්ලිමේන්තුවේ සද්ද නැතුව ඉන්නවා. මොකක්ද ඒ සටන ?”

ප්‍රශ්නය – දැන් ජෝෂප් ස්ටාලින් මහත්තයලා එහෙම තමයි ඔය පක්ෂ නායකයින් හම්බවෙන්න ගියේ. ඔබතුමාලාගේ මේකට සම්බන්ධයක් නැද්ද ?

“නැහැ. අපේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේකට සම්බන්ධයක් නැහැ. ඒ නිසා ජෝෂප් සටාලින්ලාට හරි තව කාටහරි සජබ එක්කහරි ශ්‍රී ලංකා එක එක්කහරි මොනවාහරි කරගන්න ඕනෙ නම් ඒකෙ අපට තියෙන ප්‍රශ්නෙ අපි සටන් කරන්නෙ පොදු සතුරා පැරදවීම වෙනුවෙන්. ඒ සටනෙදි එකක් විතරක් නෙවෙයි අපේ සටන් පාඨ, සියලුම සටන් පාඨ අපේ සටන් පාඨ. ඒ නිසා ඊළඟට වරාය පනත එනකොට පාර්ලිමේන්තුවේ අත උස්සනකොට අපට කියන්න තියෙන්නෙ අර සටන් කරපු මිනිස්සු වේදිකාවෙන් එළවන්න වෙනවා. ඒ නිසා වේදිකාවට නංවාගන්න ඕනෙ වේදිකාවේ තියාගන්න පුළුවන් මිනිස්සු. අපි ඒ මිනිස්සුත් එක්ක මේ සටනට යනවා”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...