සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු විසඳීමට ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණි.

මෙම ගැටලු පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරු ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...