ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් වේ

Date:

මීට සුළු මොහොතකට පෙර වසිරාබාද් නගරයේ නව මැතිවරණයක් ඉල්ලා කරන ලද ජන රැළියකදී නාදුනන තුවක්කුකරුවකු විසින් කරන ලද වෙඩි තැබීමකින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

හිටපු අගමැතිවරයාගේ කකුලට වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඔහු ලාහෝර්හි රෝහලකට ගෙන ගොස් ඇති අතර රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ඛාන්ගේ තත්වය අනතුරුදායක නොවන බවයි.

ප්‍රහාරයෙන් තවත් දේශපාලනඥයකු වන ෆයිසාල් ජාවෙඩ් ඛාන් ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවක්කුකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි. මේ වන විටත් ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...