එංගලන්ත බැංකුව සිය පොළී අනුපාත 3%කින් ඉහළ නංවයි.

එක්සත් රාජධානියේ උද්ධමනය 10.1% කින් ඉහළ යාමට සාපේක්ෂව එංගලන්ත බැංකුව ඊයේ (03) දිනයේ සිට සිය පොළී අනුපාතය 3%කින් ඉහළ නංවා ඇති බව වාර්තා වේ. මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.


මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාර ඇන්ඩෲ බේලි ප්‍රකාශ කර තිබුණේ ඉහළයන උද්ධමනය පහත හෙලීම බැංකුවේ කාර්යක් බවත්, බලහත්කාරයෙන් හෝ එය ඉටු නොකළොත් තත්වය වඩාත් නරක අතට පත්විය හකි බවත්ය.


ආහාර හා ඉහළ බලශක්ති මිල ගණන් ආදිය හේතුවෙන් වර්ධනය වන උද්ධමනය 2024 වසරේ පළමු භාගය දක්වාම පැවැතිය හැකි බවට පුරෝකතන ඉදිරිපත් වන අතර, මේත් සමඟ දේශීය නිෂ්පාදිතයේ යම් පහත වැටීමක් හා දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීයාමක් අපේක්ෂා කෙරේ.


පොලී අනුපාතය ඉහළ දැමීමට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම තියුනු ලෙස පහත වැටුණු අතර එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2% කින් හා යුරෝවට සාපේක්ෂව 1.2% කින් ද පහත වැටීමකි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...