*
Tuesday, April 29, 2025
spot_img

Latest Posts

කුසලානය නැති වුණාට ජයග්‍රහණය වැදගත්

මේ වන විට ශ්‍රී ලංකාවට අවසාන පූර්ව තරග වටය අහිමි වී ඇත.ඒ නිසා අද පැවත්වෙන එංගලන්තය සමඟ වන තරගය ජය ගත්තද අවසාන පූර්ව වටයේ ස්ථානයක් අපට හිමි වන්නේ නැත.නමුත් ක්‍රිකට් යනු අවසාන පූර්ව තරග වටය,එසේත් නැතිනම් ලෝක කුසලානයම නොවේ.ඒ නිසා අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සිය උපරිමය දරනු ඇත.
ගිය නුවණ ඇතුන් ලවා හෝ ඇද්දවිය නොහැකිය.ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ අත් වුණ ඉරණම එවැන්නකි.කවුරුත් පැරදුණේ නැති ශ්‍රී ලංකාව නැමීබියාව ඉදිරියේ පරාජය වූයේ නැමීබියාවේ දක්ෂකමට වඩා ශ්‍රී ලංකාව එම තරගය සැහැල්ලුවට ගත් තරමින්ය.පන්දු යවන්නන් සිතූ තරම් පහසුවක් නොපෙන් වූ නැමීබියාව ලැබූ ලකුණු 163 අවසානයේ ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියට බලපෑවේය.තරගාවලියේ පළමු තරගයද වූ එම තරගයේ පරාජිතයා වූ ශ්‍රී ලංකාව යළි නැගිටින්නට සමත්වීම යහපත්ය.එසේ නොවුණානම් සමහර විට අවසාන කණ්ඩායම් 12 අතර හෝ ශ්‍රී ලංකාව නොරැදෙන්නට ඉඩ තිබිණි.
අවසාන කණ්ඩායම් 12 අතරේදි බොහෝ විට කණ්ඩායම්වල තත්ත්වය ජය පැරදුමෙන් තොර තරග හරහා ද උස් කෙරිණි.ශ්‍රී ලංකාවට එවැනි සැනසිලි තෑගි ලැබුණේම නැත.මේ වන විට ශ්‍රී ලංකාව සිටින වටයේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගි වූ තරගයේ විසඳුමක් ලැබිණි නම් මේ වන විට ඒ කණ්ඩායමක මේ මොහොතේ ලකුණු තත්ත්වය වෙනස් වන්නට තිබිණ.උදාහරණයකට එම තරගය ඕස්ට්‍රේලියාව පරාජය වූයේනම් මේ වන විට ඔවුන් සිටින්නේ ලකුණු 6 ක් ලබාය.එංගලන්තය පරාජය වූයේනම් ඔවුන් සිටින්නේ ලකුණු 4 ක් ලබා ය.
නමුත් ලෝක කුසලානය වැඩියම විවේචනයට ලක් වූයේ මේ වර්ෂාව නිසා තරගවල තීරණය නොවිසදීම නිසාය.උදාහරණයකට වර්ෂාවෙන් පිටිය ආවරණය කරන්නට නිසි ක්‍රමයක් නොතිබීම නිසා මේ තරගාවලිය හරහා එම කාර්යයට උර දෙන ලංකාවේ පිටිය ආවරණය කරන හැටි ඉහළින් වර්ණනා කෙරිණි.මේ නිසා ඉන්දියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව බංගලාදේශය හමුවේ පරාජය වන්නට තිබූ තරගයක් යැයි කිව හැකි තරගය ලිටන් දාස් ගේ ලිස්සා යාමෙන් වූ දුවද්දී දැවී යාම නිසා ඉන්දියාවට ජය ගෙන දෙමින් අවසන් විය.

අද තරගය ශ්‍රී ලංකාව තරගකරුවෙක් පමණි.නමුත් ඒ තරගය ඊට වඩා වැදගත් වන්නේ ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට ය.එංගලන්තය මේ තරගය ජය ගතහොත් සත්කාරක ඕස්‍රටේලියාවට අවසාන පූර්ව වටය හිමිවන්නේ නැත.එසේම එංගලන්තය ද මේ තරගය ජය ගත යුතුම නිසා ඔවුන් ඊට මුහුණ දෙන්නේ යම් පීඩනයක් ද සමඟය.කිසිඳු ආකාරයකින් පහසුවෙන් පරාජය කළ හැකි කණ්ඩායමක් යැයි නොසිතිය හැකි ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නැති බව එංගලන්තය දන්නේය.ශ්‍රී ලංකාව පරාජය වූ තරග දෙකම පරාජය වූයේ ඔවුන්ට එරෙහි දස්කම්වලට අමතරව ඔවුන්ගේ පන්දු රැකීමේ දුර්වලකම ද පදනම් කරගෙනය.

දක්ෂතා මෙන්ම දක්ෂතා වර්ෂාවට දියවීම පදනම් කරගෙන ද මේ තරගාවලියේ කණ්ඩායම් ඉදිරියට තල්ලුවීම තීරණය විය.ලෝක කුසලාන තරගාවලියක දී තිබිය යුතු පිටිය රැකබලා ගැනීමේ වැඩ පිළිවෙල දුර්වල මට්ටමක තිබිම නිසා බොහෝ තරග වර්ෂාව විසින් සෝදා දැම්මේය.සම්පූරණ පිටිය වසා දැමීමට වැඩ සටහනක් වී තිබිණිනම් ඇතැම් තරග වර්ෂාවෙන් පසුව ආරම්භ කරන්නට ඉඩ තිබුණ බව මයිකල් වෝන වැනි ජ්‍යෙෂ්ඨයන් උදාහරණ ලෙස ලංකාව ගෙන ඕස්ට්‍රේලියාවට දමා ගැසුවේ එබැව්න්ය.

නමුත් මේ මොහොත වන විට තරගාවලිය යන අත තීරණය වී අවසන්ය.එවැනි අවස්ථාවක අද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ජය ගන්නට දෙපිළම දරන උත්සාහය අපූරු ආස්වාදජනක එකක් වන්නට ඉඩ තිබිය යුතුය.වැස්සට එය නො’සේදෙනවානම් අවසාන පූර්ව වටයට එංගලන්තයට යා හැකි ද නොහැකි ද යන්න තීරණය කරන්නට තරගය පැවත්වීම වැදගත්ය.තරගයේ මේ මොහොතේ ලකුණු සටහන පැවතෙන්නේ පහතාකාරයෙන්ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan