සජිත්ගේ සක්වල වැඩසටහනින් 40 වැනි බස් රථය වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට

0
272

කොළඹට කිරි, ගමට කැකිරි යනුවෙන් කාලයක් පුරා පවතින මතය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බවත්, ඒ සඳහා නව අධ්‍යාපන විප්ලවයක් ඇති කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

“අධ්‍යාපනය ගොඩනැගීමට නම් රට පුරා පාසල් පද්ධතිය දියුණු කළ යුතුයි. එයයි රටක සංවර්ධනයේ සහ සමාජීය දියුණුවේ පදනම. නව තාක්ෂණය සමඟ ගැළපෙන සම්පත් වලින් පාසල් අංග සම්පූර්ණ කිරීම හරහා මානව සම්පත ශක්තිමත් කිරීම ආරම්භ කළ යුතුයි.”

රටක ජීවනාලියවන් සිසු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම දේශපාලකයින්ගේ වගකීම බව පසක් කරමින්, සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 40 වන බස්රථය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට පරිත්‍යාග කරමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

ආණ්ඩු බලයක් නොමැති වුවත් වැඩ කරන හැටි සමගි ජන බලවේගය මේ කෙටි කාලය තුළ පෙන්වා ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා හුස්ම හා සක්වල වඩසටහන් හරහා අතිවිශාල වැඩ කොටසක් කිරීමට හැකියාව ලැබුණ බවද අවධාරණය කළා.

RN