උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම සාධාරණීකරණ කරන බවට චීනයට හා රුසියාවට ඇමරිකාව චෝදනා කරයි.

Date:

අවස්ථා ගණනාවක දී උතුරු කොරියාවෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම චීනය සහ රුසියාව විසින් වලක්වන බවට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් චෝදනා කර තිබේ.

උතුරු කොරියාව මේ සතියේ වාර්තාගත මිසයිල දියත් කිරීම් සංඛ්‍යාවක් දියත් කළ අතර මෙම වසර තුළ එල්ල කරන ලද මුළු මිසයිල සංඛ්‍යාව 60 කට වඩා වැඩි බව ගණන් බලා ඇත.

පසුගියදා උතුරු කොරියාවෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාර හෙළා දකිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනා එකඟ නොවූ අතර ඒ වෙනුවට, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් වෙන වෙනම ජාත්‍යන්තර නීතියට පටහැනිව සිදුවන උතුරු කොරියානු අඛණ්ඩ මිසයිල අත්හදා බැලීම් වෙන වෙනම හෙළා දුටුවේය.

එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති ලින්ඩා තෝමස් ග්‍රිරීන්ෆීල්ඩ් පැවසුවේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුම උතුරු කොරියාවේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂප කරන අතර එක්සත් ජාතීන්ගේ සම්බාධක නැවත නැවත උල්ලංඝනය කිරීම සාධාරණීකරණය කිරීමට චීනය සහ රුසියාව පෙළඹ ඇති බවයි.

මෙහිදී චීනය හා රුසියාව එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී කියා සිටියේ උතුරු කොරියාව සමඟ පවතින ආතතියට එක්සත් ජනපදය වගකිව යුතු බවයි.

එක්සත් ජනපද සහ දකුනු කොරියානු මහා පරිමාණ යුධ අභ්‍යාස නැවත ආරම්භ කිරීම උතුරු කොරියාවේ ක්‍රියාකලාපයට සෘජුවම වගකිව යුත් බවට චීනයේ එක්සත් ජාතීන්ගේ තානාපති Zhang Jun මෙහිදී ප්‍රකාශ කර තිබිණි. ඔක්තෝබර් 31 දින ආරම්භ වූ එක්සත් ජනපද-දකුණු කොරියානු හමුදා ගුවන් අභ්‍යාස පෙර නොවූ විරූ ලෙස මිලිටරි ගුවන් යානා 240 කින් පමණ සිදු වූ අතර එය උතුරු කොරියානු භූමියට මහත් තර්ජනයක් වශයෙන් ඔවුන් මෙහිදී සඳහන කරන ලදි.

පසුගිය ජූනි මාසයේදී උතුරු කොරියාවට එරෙහිව සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර රටට වැඩි වශයෙන් මානුෂීය ආධාර අවශ්‍ය බවත්, බටහිර රටවල් විසින් අඩු පීඩනයක් එල්ල කළ යුතු බවත්ය. නමුත් එය අසාර්ථක විය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලද රුසියානු තානාපති ඇනා එව්ස්ටිග්නීවා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ වොෂින්ටනය අනිසි ලෙස සම්බාධක භාවිතා කිරීම හා බලය යෙදවීම හේතුවෙන් උතුරු කොරියාව සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...