X-Press Pearl සිදුවීමෙන් වූ හානියට වන්දි ලබා ගැනීමට ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයේ නඩුවක් ගොනුකළ යුතුයි: ජනපති

Date:

එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) සිදුවීමට වගකිව යුතු නැව් සමාගමට එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයේ (International Court of Arbitrary) නඩු පැවරීමට අදාළ පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම විනාශයට වගකිව යුතු නැව් සමාගමෙන් ඉල්ලා ඇති වන්දි මුදල හෙළිකරමින් ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය හමුවේ මෙවැනි නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2022 නොවැම්බර් 01 වන දින අධිකරණ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාවට සිදු වූ අලාභය නිරාවරණය කර ගැනීම සඳහා අදාළ නෞකාවේ සිංගප්පූරුවේ ක්‍රියාකරුවන්ගෙන් වන්දි අයකර ගැනීම කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත.

2021 මැයි 20 වන දින කොළඹ වරය ආසන්නයේදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගෙන ගිලා බැසීමට ලක් වූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ‘MV X-Press Pearl’ නිසා ඇති වූ පාරිසරික ව්‍යසනයට වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇත.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් ඔබ්බෙන් නැංගුරම් ලා තිබියදී නෞකාව තුළ මෙම ගින්න හටගෙන ඇති අතර, එය දින 13 කට ආසන්න කාලයක් පැවති අතර එය ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවලට දැඩි හානියක් සිදු කළ බවත් අනාවරණය විය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇති වූ පාරිසරික හානිය සඳහා වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකාව තවමත් අවිනිශ්චිතතාවයක පවතින අතර, මෙම හානියෙන් අගතියට පත් ඇතැම් පාර්ශව වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මේ වන විට විභාග වෙමින් පවතී.

මේ අතර අදාළ අදාළ සමාගමට එරෙහිව ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයක් හමුවේ නඩු පැවරිය හැකි බවට නීතිපති කාර්යාලය ද දැනුම් දී ඇති බවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද ප්‍රකාශ කර ඇත.

ඕවින්දි විෂ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...