පළමු තරගයේ ජය පීටර්සන් කණ්ඩායමට

Date:

අවුරුදු 24 න් පහළ ජාතික මට්ටමේ රගර් බලාපොරොත්තුවලට වෙන් වූ රග්බි සූරතාවලියේ පළමු තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වුණා.ඒ ලකුණු 35 – 10 ක් ලෙස කේෂ්ත්‍ර බලකා කණ්ඩායමට එරෙහිව පීටර්සන් ක්‍රීඩා සමාජයට ජය හිමි වෙමින්.තරගයේ පළමු භාගය නිමාවන විටත් ලකුණු 16 – 07 ක් ලෙස පීටර්සන් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියා.තරගයේ ලකුණු පූවරුව ක්‍රියාත්මක කිරීම පීටර්සන් කණ්ඩායමෙන් ඇරඹුණත් ප්‍රථම භාගයෙන් සෑහෙන කොටසක් ලකුණු ලබා ගැනීමෙන් කේෂ්ත්‍ර බලකා කණ්ඩායම පෙරමුණේ රැඳෙන්නටත් සමත් වුණා.නමුත් ශිලෟපී ය දක්ෂතා සමඟ නැවත සිය ප්‍රතිවාදියා අභිබවා පෙරට එන්නට පීටර්සන් ක්‍රීඩකයන්ට හැකි වුණා.
දෙවන අර්ධයේදී තව දුරටත් ආක්‍රමණයේ ස්වභාවය දැඩි කළ පීටර්සන්,ලකුණු 19 කින් සිය ලකුණු පූවරුව ඉහළට නංවා ගත්තා.ඒ සිය ආක්‍රමණය සම්බන්ධයෙන් මෙන්ම ආරක්ෂාවේ පියවරවල්ද දැඩි කර ගනිමින්.ඒ නිසා කේෂ්ත්‍ර බලකා කණ්ඩායමට දෙවන අර්ධයේ හිමි වුණේ ලකුණු 3 ක් පමණයි.
බාධා කිරිම් රැසක් සමඟ තරගාවලිය රටේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් පෙරට ගෙන යාමේ අවශ්‍යයතාවය සළකා,ශ්‍රී ලංකා රගර් ගත් ප්‍රශස්ත උත්සාහය මත පදනම්ව ක්‍රියාත්මක අවුරුදු 24 න් පහළ රගර් තරගාවලියේ උණුසුම හෙට අද තරගය පැවති පීටර්සන් පිටියට සීමා නොවී බදුල්ල සහ කුරුණාගල සොයා යන්නට නියමිතයි. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයටත්,කුරුණෑගල මලියදේව පිටියටත් ව්‍යාප්ත වීමට නියමිත මෙම උණුසුම සමඟ තර්ස්ටන් පිටියේදී වෙස්ලි ක්‍රීඩා සමාජයට එරෙහිව සයන්ස් මෙරූන් කණ්ඩායම තරග වඳිනවා.
ඌව සහ බස්නාහිර පළාත අතර තරගය බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී පැවත්වෙන අතර සහ කුරුණෑගල මලියදේව පිටියේදී වයඹ සහ මධ්‍යම පළාතතරග වැදීමට නියමිතයි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...