කූට උපක්‍රම මඟින් මැතිවරණ කල් දාන්න එපා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සීමා නිර්ණය කොමිසමක් පත් කර එහි සභාපති ලෙස මහින්ද දේශප්‍රිය මහතාව පත් කර ඇති බවට වාර්තා වන බවත් එම කමිටුව හරහා උත්සාහ කරන්නේ මැතිවරණ කල්දැමීමට විය හැකි බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විවිධ වචන හරඹ සිදු නොකර තවදුරටත් කල් නොදමා පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ය.

මේ කොමිසම හරහා අලුත් පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කරන බවත් නමුත් සිදු විය යුත්තේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම නොව ජනතාවගේ මතයට ඇහුම්කම් දී ඔවුන්ට ඡන්දය ලබා දිය හැකි ලෙස ප්‍රජාතන්ත්‍රීය ලෙස මැතිවරණය පැවැත්වී බවත් ඊයේ (5) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කියා සිටියේ කලට වේලාවට මැතිවරණ පැවැත්විය යුතු බවත් විවිධ කූට ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ පවත්වනවාට තමන් විරුද්ධ බවත් ය. ඔහුගේ ඒ ප්‍රකාශනයන් අදටත් වලංගු නම් විපක්ෂයක් ලෙස ඉල්ලා සිටින්නේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිකම ලබා ගෙන මැතිවරණ කල් දැමීමේ කූට උපක්‍රමයට හසු නොවන ලෙසත් ය.

එසේ මැතිවරණය කල් දැමීම තුළින් සිදු වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක් බැවින් එය ලබා දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ලක්ෂ 220ක් වූ ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර අනුරාධපුර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...