ඇමසන් එන්නත්කරණයේ සසලවන දසුන්

Date:

බ්‍රසීලයේ ඇමසන් ප්‍රදේශයේ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ආදිවාසී තරුණයෙක් තම පියා රැගෙන යන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා සංසරණය විය.

ඇමසන් ලොව දුෂ්කරම ප්‍රදේශවලින් එකක් වශයෙන් එන්නත් සැපයුම් ක්‍රියාවලිය තුල හඳුනාගෙන තිබේ.වෛද්‍යවරයෙකු විසින් ගන්නා ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ 24 හැවිරිදි Tawy, නැමති ආදිවාසි තරුණයා ,එන්නත් ලබා ගැනීමට, 67 හැවිරිදි Wahu නැමති ආදාවාසි සිය පියා රැගෙන යන ආකාරයයි.එන්නත් කරන ස්ථානයට ළඟා වීමට වනාන්තරය මැදින් පැය ගණනක් ඇවිදීමට ඔවුන් දෙපළට සිදු වි තිබේ.නිල දත්ත පවසන්නේ කොවිඩ් -19 හේතුවෙන් ආදිවාසී පුද්ගලයින් 853 දෙනෙකු මියගොස් ඇති බවයි.නමුත් ස්වදේශික කණ්ඩායම් පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි.බ්‍රසීලියානු රාජ්‍ය නොවන සංවිධානයක් වන Apib විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ 2020 මාර්තු සහ 2021 මාර්තු අතර පමණක් ආදිවාසීන් 1,000 ක් මියගොස් ඇති බවයි.

Tawy සහ Wahu නැමති මෙම ආදිවාසින් දෙදෙනා සාමාජිකයින් 325 ක් පමණ සිටින Zo’e ආදිවාසී ප්‍රජාවට අයත් වේ.ඔවුන් උතුරු පැරා ප්‍රාන්තයේ ප්‍රදේශයක ගම්මානයක හුදකලාව ජීවත් වේ.ඡායාරූපය ගත් වෛද්‍ය Erik Jennings Simões පැවසුවේ මොවුන් දෙදෙනා පැය පහක් හෝ හයක් මෙසේ ගමනේ යෙදෙමින් එන්නත් කරණ ස්තානයට පැමිණ ඇති බවයි.

මෙම පින්තූරය වෛද්‍යවරයා විසින් ගනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී, කොවිඩ් වසංගතයෙන් ලොව දැඩි ලෙස පීඩාවට පත් වූ රටවලින් එකක් වන බ්‍රසීලයේ Covid-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භයේදී ය. නමුත් වෛද්‍ය Simões එය Instagram සමාජ මාධ්‍යයට එක් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි 1 වන දිනයි.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...