පීබී ජයසුන්දර උත්සවාකාරයෙන් සමුගනී !

Date:

ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබෙනවා. ලේකම්වරයාගේ සමු ගැනීම මෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ජයසුන්දර මහතා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දුන් අතර ඔහු අද ජනාධිපති ලේකම්වරයා ලෙස සේවයට වාර්තා කළේ අවසන් වරටයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් සමු ගන්නා පී.බී. ජයසුන්දර මහතා වෙනත් ප්‍රබල තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බවද පසුගියදා වාර්තා වී තිබිණි. කෙසේ නමුත් ඔහු සිය හිතවතුන්ට පවසා තිබුණේ නැවත කිසිදු තනතුරක් බාර ගැනීමට තමාගේ අදහසක් නොමැති බවයි.

නව ජනාධිපතිවරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...