බස්නාහිර, වයඹ පළාත් සහ හම්බන්තොට, ත්රිකුණාමලය යන ප්රදේශවල නව ආර්ථික කලාප ඇතිකිරීමට සැලසුම් සකස් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
දැනට විවිධ ආයතන යටතේ ක්රියාත්මක වන ආයෝජන හා නිෂ්පාදන කලාප ද එම ආර්ථික කලාපවලට ඇතුළත් කෙරෙන අතර ඒ සඳහා විශේෂ නීති රාමුවක් ද සකස් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
මෙම ආර්ථික කලාපයක් අවම වශයෙන් අක්කර 1000 කට වඩා වැඩිවිය යුතු බව පැවසූ ඒ මහතා එම ආර්ථික කලාප තුළ නිෂ්පාදන කර්මාන්ත පමණක් නොව කෘෂිකර්මාන්තය සහ සංචාරක ප්රවර්ධනය ද ඇතුළත් කෙරෙන බවත් ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.
RN