සමහර පක්ෂවල අයට ගමට යන්න බෑ හැබැයි අපිට නං අවුලක් නෑ – අමරවීර

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එවැනි කිසිදු අර්බුදයක් පක්ෂය තුළ නොමැති බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා මෙන්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සංවිධායකයන්, ගමේ සාමාජිකයන් සියලු දෙනා එක මතයක එකට සිටින බවද අමරවීර මහතා පවසනවා.

මේ වනවිට පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත්, රටපුරා පක්ෂ සංවිධාන ශක්තිමත් කරමින් තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කරනවා. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ශ්‍රීලනිප නායකයන් ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් පවත්වන බවත් එම කටයුතු සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් කලබලයට පත් වී විවිධ ප්‍රකාශ සිදු කරන බවත් පෙන්වා දෙන අමරවීර මහතා පවසන්නේ ඒ පිළිබඳව ශ්‍රීලනිපය තැකීමක් සිදු නොකරන බවයි.

ඇතැම් පක්ෂවලට, ඇතැම් දේශපාලනඥයන්ට අද ගමට ගොස් ගමේ ජනතාවට හමුවීමට හැකියාවක් නොමැති වුවද ශ්‍රීලනිපයට එවැනි ගැටලුවක් නොමැති බවද අමරවීර මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...