ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් සිවිල් සංවිධාන හා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපි උද්ඝෝෂණයක් සිදුකරනු ලැබීය.
මෙම විරෝධතාකරුවන් මෙගාෆෝන් එකක් භාවිතා කරමින් පිරිස ඇමතීමට උත්සාහා කිරීමත් සමඟ පොලීසිය එයට බාධා කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අනතුරුව පොලීසිය විසින් එම මෙගාෆෝන් එක අත්අඩංගුවට ගැනුණි. ඒ සමඟම විරෝධතාකරුවන් හූ කියමින් පොලීසියට දැඩි ලෙස විරෝධය එල්ලකරන ලදී.
ASK