චාමික ගැන සොයන්නට ඇමති කඩුව කොපුවෙන් ඇඳිය යුතුයි

Date:

ශ්‍රී ලංකාව සහභාගි වූ අවසාන එක්දින තරගයේදි විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියා ජයග්‍රහණය වළක්වන්නට ගත් අපූරු උත්සාහය වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය ලැබූ චාමික කරුණාරත්න ඇෆගනිස්ථානය බලා යන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීමට ගත් තීරණයට මේ දක්වා ක්‍රීඩා අමාත්‍යංශ අනුමැතිය හිමිව නැති අතර ඒ සඳහා සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය වී ඇත.
නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කරන්නට තරම් කරුණු නැතත් චාමික ඕස්ට්‍රේලියානු සංචාරයේදි රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති කරගත් ගැටුමක් ඊට හේතු වී තිබෙන බව වාර්තා වේ.දැන ගන්නට ඇති පරිදි එය ඉන් පිටත රාත්‍රී ආහාරය ගැනීමේදී විඩියෝ ගත කළ අයෙක් හා ඇති වූ සංවාදයක් මිස දුර දිග ගිය සිදුවීමක් නොවේ.එහි තවත් ක්‍රීඩකයින් ඉඳ ඇති අතර එහි සිටි ක්‍රීඩකයින් දෙදෙනෙක් මේ සම්බනධයෙන් හූණා කිඹුලා කර තොරතුර බෙදා හැරීමට ගත් උත්සාහයකින් සමාජ ජාලා තුළ එය පැතිර යන්නට පටන් ගත්තේය.
තමන්ගේ ස්ථානය සම්බන්ධයෙන් ගැටළුවක් චාමික නිසා ඇති බවට විශ්වාස කරන ක්‍රීඩකයෙක් මෙන්ම පසුගිය දවස්වල සිඳු වූ අසාධාරණයකින් බැට කෑ ජනමාධය මෙන්ම සමාජයේ මැදිහත්වීමෙන්ද නැවත සාධාරණය ඉටු කරගත් ක්‍රීඩකයෙක් මේ අසාධාරණය පිටුපස සිටින බව සැළ වේ.තමන්ට සිඳු වූ අසාධාරණය නිමා වීමෙන් පසුව කණ්ඩායමට පැමිණ යම් ආගමික මතවාදයක ඉඳමින් ක්‍රිකට් ජයග්‍රහණ ඒ සඳහා පාදක කර ගන්න හදන අයෙක් හැටියට ඒ ආගම් මතවාදයට වෙනස් මතයක් දැරීම සම්බන්ධයෙන් චාමිකව මේ තත්ත්වයට පත් කරේද යන්න පිළිබඳ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී ඇත.
ක්‍රිකට් කණ්ඩායම යම් ආකාරයකින් වෙනස් මඟකට යොමු වෙමින් සිටින මොහොතක යළිත් ඒ යහ මුසුව විනාශ කරන්නට කණ්ඩායම ඇතුළතින් වගේම පිටතින්ද යම් බලපෑම් එල්ල වෙමින් තිබෙන අතර ක්‍රකට් ආයතනය මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු විනය හේතුවක් බව හෝ ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා කර නැත.සැකයක් සම්බන්ධයෙන් කවුරුන් හෝ පවසන කේලමකට ජාතික කණ්ඩායමට වැදගත් ක්‍රීඩකයෙක් ඉවත් කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වහාම සිය බලය භාවිතයට ගෙන චාමිකට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සාධාරණය ඉටු කරන්නට මැද්හත් විය යුතුව ඇත.
චාමික සහභාගි වූ අවසාන තරගයේ ලකුණු සටහනට පිවිසෙන්න.
https://www.google.com/search?q=sri+lanka+odi+match+list&sxsrf=ALiCzsbV7q7rwWIdXMK7BcEPGd3GhOy5dg%3A1668497467031&ei=O0BzY8m8AcvB4-EPuL2qmAQ&ved=0ahUKEwiJxtK21a_7AhXL4DgGHbieCkMQ4dUDCA8&oq=sri+lanka+odi+match+list&gs_lcp=Cgxnd3Mtd2l6LXNlcnAQDEoECEEYAEoECEYYAFAAWABgAGgAcAF4AIABAIgBAJIBAJgBAA&sclient=gws-wiz-serp#sie=m;/g/11swp8yc_t;5;/m/021q23;cms;fp;1;;;

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...