ලංකා බැංකුවේ නව මහා කළමනාකරු ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා පත්කෙරේ

Date:

දිවයිනේ ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුවේ (BOC) මීළඟ මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා මහතා 2023 ජනවාරි 13 වැනිදා වැඩ භාරගැනීමට නියමිතය.

1990 වසරේ දී ලංකා බැංකුවට සම්බන්ධ වන ඒ මහතා වසර 33ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, වර්තමානය වනවිට ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකාර සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස කටයුතු කරයි. වත්මන් මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි කේ. ඊ. ඩී. සුමනසිරි මහතා නුදුරේ දී විශ්‍රාම ගැනීමට නියමිත බැවින් මෙම පත්කිරීම සිදුකොට ඇත.

මෙරට බැංකු ක්‍ෂේත්‍රය තුළ දශක ගණනාවක අත්දැකීම් සහිත රසල් ෆොන්සේකා මහතා ලංකා බැංකුව තුළ විවිධ අංශ සාර්ථකව මෙහෙයවමින්, නායකත්වය ලබාදුන් වෘත්තීය බැංකුකරුවෙකි. ෆොන්සේකා මහතා පසුගිය කාල වකවානුව තුළ ලංකා බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි මෙන්ම මූල්‍ය හා සැලසුම්, ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන, ශාඛා බැංකු කටයුතු සහ ආයතනික හා අක්වෙරළ යන අංශවල නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර හොබවා ඇත.

මෑත කාලයේ ගෝලීය වශයෙන් පැවැති අවිනිශ්චිත කාලපරිච්ඡේදය තුළ මෙරට ප්‍රමුඛතම බැංකුව මෙහෙයවීමේ භාරදූර කර්තව්‍යයට සාර්ථකව මුහුණ දුන් ෆොන්සේකා මහතා එම අත්දැකීම් ද සමගින් ලංකා බැංකුව බැංකුකරණයේ නව මානයන් වෙත රැගෙන යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...