ආණ්ඩුවේ මාධ්‍යයක ගිය බොරුව ගැන විපක්ෂනායක සජිත්ගෙන් පිළිතුරු (VIDEO)

Date:

පසුගිය ඉරිදා ආණ්ඩුවේ එක්තරා ජාතික යැයි කියාගන්න පත්තරේක මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ” විපක්ෂ නායකවරයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිෂන් සභා ප්‍රමාදයි”යනුවෙන් පළ කොට ඇති ප්‍රවෘත්තිය සහමුලින්ම අසත්‍ය බවත් මේ පුවත පලකිරීම පිළිබඳව අදාල පාර්ශව වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකතුමාගේ ඉල්ලා සිටියේය.

තමන් නිරන්තරයෙන්ම නිදහස් හා ස්වාධීන මාධ්‍යයට මාධ්‍යයට ගරු කරන අතර කොන්දේසි විරහිතව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, එහෙත් ආණ්ඩුවේ අසත්‍ය මාධ්‍ය ක්‍රියාකලාපය හෙළා දකින බවත් පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම පිළිබඳව රැස්වීම් වාර දෙකක් පැවති බවත් ඒ මාර දෙකේදීම දෙකේදීම ඉතාම සද්භාවයෙන් ඊට තමන් සහභාගි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එවන් තත්ත්වයක් තුළ ස්වාධීන කොමිෂන් සභා වලට පත් කිරී. ප්‍රමාද වෙන්නේ විපක්ෂ නායකවරයා නිසාද කියා තමන් කතානායකවරයාගෙන්ද විමසා සිටින බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව කථානායකතුමාගේ පැහැදිලි කිරීම සිදු කරන ලෙසද ඉල්ලා සිටි අතර කතානායකතුමා එහිදී පැහැදිලි කළේ මේ කටයුතු සඳහා විපක්ෂ විපක්ෂ නායකතුමා ගෙන් කිසිදු ප්‍රමාද වීමක් හෝ අවහිරයක් සිදු සිදු නොවූ බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...