අයවැයෙන් වැටුප් වැඩි නොවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් අද සිට විරෝධතාවයේ

Date:

රාජ්‍ය සේවකයින්ට 2016 වසරින් පසුව වැටුප් වැඩිවීමක් මෙතෙක් සිදු නොවූ බවත්, එම වසරේ රුපියල් 10,000 ක වැටුප් වැඩි වීමක් සිදු වුණ බවත් රාජ්‍ය සේවකයන් පවසයි. එම නිසා ඔවුන් පත්ව ඇති අසීරුතා හේතුවෙන් විරෝධතා දක්වන බව සඳහන් කරයි.

බොහෝ අංශයන්හි වර්ධනය කිරීමත් සමඟ ඇතිවූ තත්ත්වය මත රාජ්‍ය සේවකයන් මෙලෙස හැසිරීමකට යොමුවුවහොත් පෞද්ගලික අංශයේ සේවකයෝද උද්ඝෝෂණ සඳහා මහ මගට බැසීමට ඉඩ ඇත. නමුත් මේ මොහොතේ රට තුළ ඇත්තේ රැකියා හිඟයකි . රැකියා උත්පාදනයක් නොමැත. ඇත්තේ කප්පාදුවක් පමණයි. බොහෝ දෙනෙකුට ඉන්න තත්ත්වයෙන් රැකියාව රැකගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගන්නේ නම් වර්තමානයේ ඉතා ගැලපෙනම දේ බව කිව යුතුය .

මන්ද , මේ අවස්ථාවේ රාජ්‍ය අංශයේ සේවකයන් හට වැටුප් ගෙවීමට පවා අසීරු වී ඇත. රජය මෙයට විසඳුම් සොයනුයේ , පෞද්ගලික අංශයෙන් එනම් ,රටේ කාර්‍යක්ෂම අංශයකින් බදු ලබා ගෙන රජයේ වෙනත් අංශ සඳහා එම මුදල් යෙදවීමෙනි.

මන්ද රජය සැමවිටම පවසන්නේ ආදායමින් 80% ක් වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට බවයි. නමුත් මේ මොහොතේ රට පත්ව ඇති තත්ත්වය බුද්ධිමත් ලෙස සිතා බලා නුවණින් කටයුතු කිරීමට රටේ සියලු ජනතාව වගබලා ගත යුතුය .

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...