අයවැයෙන් වැටුප් වැඩි නොවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් අද සිට විරෝධතාවයේ

Date:

රාජ්‍ය සේවකයින්ට 2016 වසරින් පසුව වැටුප් වැඩිවීමක් මෙතෙක් සිදු නොවූ බවත්, එම වසරේ රුපියල් 10,000 ක වැටුප් වැඩි වීමක් සිදු වුණ බවත් රාජ්‍ය සේවකයන් පවසයි. එම නිසා ඔවුන් පත්ව ඇති අසීරුතා හේතුවෙන් විරෝධතා දක්වන බව සඳහන් කරයි.

බොහෝ අංශයන්හි වර්ධනය කිරීමත් සමඟ ඇතිවූ තත්ත්වය මත රාජ්‍ය සේවකයන් මෙලෙස හැසිරීමකට යොමුවුවහොත් පෞද්ගලික අංශයේ සේවකයෝද උද්ඝෝෂණ සඳහා මහ මගට බැසීමට ඉඩ ඇත. නමුත් මේ මොහොතේ රට තුළ ඇත්තේ රැකියා හිඟයකි . රැකියා උත්පාදනයක් නොමැත. ඇත්තේ කප්පාදුවක් පමණයි. බොහෝ දෙනෙකුට ඉන්න තත්ත්වයෙන් රැකියාව රැකගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගන්නේ නම් වර්තමානයේ ඉතා ගැලපෙනම දේ බව කිව යුතුය .

මන්ද , මේ අවස්ථාවේ රාජ්‍ය අංශයේ සේවකයන් හට වැටුප් ගෙවීමට පවා අසීරු වී ඇත. රජය මෙයට විසඳුම් සොයනුයේ , පෞද්ගලික අංශයෙන් එනම් ,රටේ කාර්‍යක්ෂම අංශයකින් බදු ලබා ගෙන රජයේ වෙනත් අංශ සඳහා එම මුදල් යෙදවීමෙනි.

මන්ද රජය සැමවිටම පවසන්නේ ආදායමින් 80% ක් වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට බවයි. නමුත් මේ මොහොතේ රට පත්ව ඇති තත්ත්වය බුද්ධිමත් ලෙස සිතා බලා නුවණින් කටයුතු කිරීමට රටේ සියලු ජනතාව වගබලා ගත යුතුය .

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...