ඩයනාට ඇමති ධූරය අහිමි වේද?

Date:

රාජ්‍ය ඇමිතිනී ඩයනා ගමගේ මහත්මියගේ අමාත්‍ය ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ‍රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභයාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. ඒ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසිනි .

එහි වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමිතිනී ඩයනා ගමගේ , ආගමන විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, ස.ජ.බ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , මැතිවරණ කොමිසම සහ සාමාජිකයන් , පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරු වන ඕෂල හේරත් මහතා කියා සිටින්නේ රාජ්‍ය ඇමිතිනී ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමි තැනැත්තියක බවයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසු නොමැති බවත් , එය නීතියට පටහැනි බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ. එබැවින් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්ත මන්ත්‍රී ධූරය දැරීමට සුදුසු කමක් නොමැති බවට මෙසේ රිට් ආඥාවක් මඟින් ඉල්ලා ඇත.

එම ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේකණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලක මණ්ඩලයේ පාලක වෙත නිකුත් කරන්න යැයි පෙත්සමෙන් ඉල්ලා සිටී.

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...