ඩයනාට ඇමති ධූරය අහිමි වේද?

Date:

රාජ්‍ය ඇමිතිනී ඩයනා ගමගේ මහත්මියගේ අමාත්‍ය ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ‍රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභයාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. ඒ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසිනි .

එහි වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමිතිනී ඩයනා ගමගේ , ආගමන විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, ස.ජ.බ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , මැතිවරණ කොමිසම සහ සාමාජිකයන් , පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරු වන ඕෂල හේරත් මහතා කියා සිටින්නේ රාජ්‍ය ඇමිතිනී ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමි තැනැත්තියක බවයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසු නොමැති බවත් , එය නීතියට පටහැනි බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ. එබැවින් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්ත මන්ත්‍රී ධූරය දැරීමට සුදුසු කමක් නොමැති බවට මෙසේ රිට් ආඥාවක් මඟින් ඉල්ලා ඇත.

එම ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේකණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලක මණ්ඩලයේ පාලක වෙත නිකුත් කරන්න යැයි පෙත්සමෙන් ඉල්ලා සිටී.

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...