5 වසර සිසුන්ට වධහිංසා කළ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් ඇප මත නිදහස්

Date:

මිල්ලනිය – ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.

එම නඩුව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ය.

අදාළ විදුහලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් මෙසේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් විසින් 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී තිබුණු අතර ඔවුන්ට විදුලිසැර වද්දා තිබුණු බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...