කාන්තා හිංසනය පිටු දකිමු! කාන්තාවන්ගේ හඬ අද පොලිස් මූලස්ථානය ඉදිරි පිටදී…

Date:

පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන හිංසනයන් පිලිබඳව වහාම පරීක්ෂණ පවත්වා අදාල නිලධාරීන් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙසඉල්ලමින් අද(17)දින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.
යුක්තිය උදෙසා පෙනී සිටින කාන්තාවෝ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුනි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්මහිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් දෙදෙනෙකු කළුතර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණෙමින් සිටියදී පානදුර ප්‍රදේශයේදී පොලීසිය විසින් මගහරස් කර ඔවුන්ට බාධා කිරීමත් එම අවස්ථාවේදී පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් පොලීස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ බෙල්ලෙන්අල්ලා බැණ වදිමින් ඔවුන් තල්ලු කීරීමත්, මහමඟ පවත්වන උද්ඝෝෂණ සහ පාගමන් වලදී පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන හිංසනයන් පිළිබඳවපරීක්ශන පවත්වා අදාළ නිලධාරීන් පිලිබදව වහා නීතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එවැනි සිදුවීම් සිදු නොවීමට පොලීසිය වහා ක්‍රියා කලයුතු බවත්පවසමින් මෙම උද්ඝෝෂණ ව්‍යපාරය පැවැත්විනි.

එහිදී උද්ඝෝෂකයින් විසින් මෙම කරුණු ඇතුලත් පෙත්සමක් පොලිස්පතිවරයා වෙත බාරදීමක්ද සිදු කෙරුනි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණය යහපත්: අද (01) කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : සබරගමුව, මධ්‍යම සහ...

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

මැලේසියාවට එරෙහිව දෙපැත්තකින් ගොඩ යන තීරණයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරග...