ඇගළුම් වොලිබෝලයට පාන ඇගෑලුම්

Date:

වෙළඳ සේවා වොලිබෝල් ලංකාවේ වොලිබෝල් මහන තැනක් බවට පත් වෙලා.බොහෝ ඇගළුම් ආයතන තරගකාරිව වොලිබෝල් පිටියට පැමිණෙමින් තිබෙනවා.ඒ ආදරය ඉරුණු තැන් මසන්නට පමණක් නොවී අලුත් හැඩ මෝස්තර ඉදිරිපත් කිරිමක් දක්වා ගෙන යාම වෙළඳසේවා වොලිබෝලයේ අභියෝගයයි.

වෙළඳ සේවා වොලිබෝල් තරගාවලිය ඇරඹෙන්නේම ලංකාවෙ වොලිබෝල්වලට යම් මට්ටමක තරු හැඩයක් එකතු කරගෙනයි.එය පළමු වරට ජාතික තරුණ සේවා සභාවෙදි පැවත් වූ අවස්ථාවෙ එහි ප්‍රධාන ආරාධිතයා වූ ඩයන් ගෝමස් පවසපු ආකාරයට මෙහෙම උද්යෝග කරන්න මිනිස්සු එන එක ක්‍රීඩාව දියුණු වෙන්න ලොකු හේතුවක්.ඇත්තටම ඩයන් කියන කතාව සංස්කෘතිකයි.දැන හෝ නොදැන එන පිරිස අතරින් සැළකිය යුතු ප්‍රතිශතයක් ආදරේ සහ කැමත්ත ඇති කර ගැනීම වැදගත්.නමුත් වෙළඳ සේවා වොලිබෝල්වල වොලිබෝලයට ආදරය බෝ කරපු පෙම්වතුන් සමහර විට එය හැර යාම තමයි නරක.ඒ විදිහට සමහර කණ්ඩායම්වලට ආයතනික තීරණ මත,ව්‍යාපාරවල තත්ත්වය මත ක්‍රීඩාව හැර යන්න වීම කණගාටුදායක තත්ත්වයක්.නමුත් මෙවර ඇඟළුම් කේෂ්ත්‍රයේ කණ්ඩායම් අග දක්වා පැමිණ සූරතා සහ අනු සූරතා වෙන් කර ගත්තත් අලුතෙන් එකතු වූ ආදරවන්නතයන් හිටියා.හිල්ටන් රෙසිඩන්ස්,සමූපකාර රක්ෂණය සහ ඇස්ට්‍රෝන් ද යළිත් පැමිණ තිබුණා.
මේ නව මානයන් දෙසට වෙළඳ සේවා වොලිබෝල් වීවෘත කරන් ජාතික වොලිබෝලයේ සභාපති සහ ක්‍රීඩා අමාත්‍යවරයාටත් රටේ ව්‍යාපාරික ආයතන සමඟ සාකච්ඡා කළොත් බැරි වෙන එකක් නැහැ.ක්‍රීඩා කරන්න ඕනි කොහොමද කියන එකේ මොඩලයක් ආයතන එක්ක හදාගන්න බැරි කමකුත් නැහැ.ක්‍රීඩකයාට වෘත්තීයක් නිර්මාණය කරන්න පුළුවන්නම් ආයතන ඇතුළෙ ඔහුව හෝ ඇයව වගේම ලංකාවෙ වොලිබෝල් බලාගන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්.ඒ වගෙම භාහිරෙන් කණ්ඩායමකට පුහුණුව වැනි කරුණුවලටත් පාරක් හැදෙනවා.වෘත්තීයක් හැටියට ක්‍රීඩාවට වැඩි ඉඩක් හැදෙන කාල සටහනක් ඇතුළෙ ක්‍රියාත්මක වුණොත් ක්‍රීඩකයාට ක්‍රීඩාවෙන් පස්සෙ වෘත්තියක් මෙන්ම වෘත්තීය සුදුසුකමකුත් එනවා වගේම ඉදිරියේදී එය ක්‍රීඩාව කරන ක්‍රීඩකයාට හොඳ රැකියාවක් අපේකෂාවෙන් හොඳට අධ්‍යාපනය ලබන්නට කරන පෙළඹවීමකුත් වෙන්න පුළුවන්.
වෙළඳ සේවා ආයතනවලට යම් අවස්ථාවක් යෝජනා කරනවානම් වොලිබෝල් කණ්ඩායමක් සකස් කිරීමේදී ක්‍රීඩාවේ යෙදෙන විශ්ව විද්‍යාල සිසුවන් හෝ සිසුවියන් දෙදෙනෙක්ටත් රැකියා පිරිනමන්න කියා එය ආයතනය පැත්තට,කෙනෙක්ගේ අධ්‍යාපනයට වගේම රටේ අනාගත වොලිබෝල් ක්‍රීඩාවටත් හොඳ ආයොජනයක් විය හැකියි.

එසේ නොමැති වුණොත් වසරේ හොඳම වොලිබෝල් තරගාවලියක් පවත්වන සංගමය හැටියට දිගටම වෙළඳ සේවා වොලිබෝල් පවතිනු විනා ඉන් ඉදිරියට රටේ ක්‍රීඩාව රැඟෙන යාමට ඉඩ හසර අඩු වේවී.නව වන වරටත් පවත්වන විටත් සුපුරුදු හැඩේම සුපුරුදු උථ්සවශ්‍රීයම හැරෙන්නට ලංකාවේ වොලිබෝලයට අලුත් දේ එකතු කරන්නට නොහැකිවීම,රටේ ආර්ථිකය ඉදිරියට තල්ලු කරන්නට හිතන ආයතන පද්ධති අලුත් නොවීමේ ගැටළුවක් දැනෙනවා.ක්‍රීඩාවත් වෙළදාම වගෙම අලුත් කරලා සළු පිළි පළන්දන්න වගේම බීච් වොලිබෝලයට නව හැඩයකින් පැමිණෙන්නටත් වෙළඳ සේවා වොලිබෝලය උථ්සාහ ගැනීම වැදගත් වෙයි.

කෙසේ හෝ තරගාවලිය නිමාවේ මෙවර ආධුනික කන්ඩායම් අතරින් සූරියන් වූයේ ඔමෙගාලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.අනු සූරතාවය මැලිබන් සමූහ ආයතනයටත් තෙවන තැන හයිඩ්‍රාමනි ආයතනයටත් හිමි වුණා.එහි දක්ෂතම ක්‍රීඩිකාව වූයේ චමරි මොණිකා.දක්ෂතම ප්‍රාහරිකාව හැටියට ප්‍රබෝධා තිලකරත්නත් පන්දු සකසන්නිය හැටියට විනෝදි කෞශල්‍යයාත් තේරි පත් වුණා.මේ තිදෙනාම ඔමේගාලයින් සාමාජිකාවන් වීම විශේෂත්වයක්.
ආධුනික කාණ්ඩයේ සූරයන් වුණේ යුනිචෙලා ස්ලිම්ලයින් කණ්ඩායමයි.ඔවුන් අතින් පරාජයට පත් වි අනූ සූරතාවය සඳහා හිමිකම් කීවේ බෙස්ට් පැසිෆික් ටෙක්ස්ටයිල්ස් පුද්ගලික සමාගමයි.තෙවන තැන ලීනියා ඇක්වා බී කණ්ඩායමට හිමි වුණා.අවසාන තරගයේ පන්දු සකසන්නා සේ ස්ලිම්ලයික් හි මලීහ ජයවර්ධන තේරී පත් වුණා.බෙස්ට් පැසිෆික් කණ්ඩායමේ එම්.එච්.එම්.රිලම්ඩීන් හොඳම පන්දු සකසන්නා වෙද්දි හොඳම ක්‍රීඩකයා බවට ස්ලිම්ලයින් කණ්ඩායමේ ඊ.එම්.කේ.එන් සඳරුවන් පත් වුණා.

ප්‍රධාන ධාරාවේ තරගයාලාවේ කාන්තා සූරතාවය මෙවරත් එහි සූරතාය වැඩිම වරක් දිනා ඇති කැෂුවලයින් කණ්ඩායමට අහිමි කළ හයිඩ්‍රාමනී කණ්ඩායම දිනා ගත්තා.ඒ අවසාන තරගයේදී වට 3 – 0 ක පරාජයක් කැෂුවලයින් කණ්ඩායමට අත් කර දෙමින්.එම කාණ්ඩයේ හොඳම පන්දු පිරිනමන්නීය බවට පත් වූයේ හයිඩ්‍රාමනීයේ එච්.ඩී.ආර්.ඩී.ලක්මාලියි.හොඳම පන්දු ලබන්නිය වූයේ ස්ලිම්ලයින් හී කේ.ඒ.යූ ශ්‍රීමාලියි.හොදම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව වූයේ හයිඩ්‍රාමනි කණ්ඩායමේ එච්.පී.එන්.එස්.ගුණවර්ධන යි.හයිඩ්‍රාමනිය නියෝජනය කළ එම්.පී.එස්.පී.විජේසිංහ හොඳම පන්දු සකසන්නිය වුණා.ඒ.එම්.පී.ප්‍රමෝධනි ස්ලිම්ලයින් කණ්ඩායම වෙනුවෙන් හොඳම ප්‍රහාරිකාව බවට පත් වුණා.හොඳම පන්දු වළක්වන්නිය හයිඩ්‍රාමනියේ එච්.පී.එන්.සරෝජනී බවට පත්වෙද්දි දක්ෂතම ක්‍රීඩිකාව බවට එම කණ්ඩායමේ එස්.ඩී.ඩී.එච්.සේනාරත්න ඇගයිම් ලැබුවා.
එම තරග අංශයේ පිරිමි සූරතාවය හිමි කර ගත්තේ ඕෂන්ලංකා කණ්ඩායමයි.අනු සූරතාවය මැලිබන් සමූහය දිනා ගත්තා. එම කාණ්ඩයේ හොඳම පන්දු පිරිනමන්නා බවට පත් වූයේ මැලිබන් හී මාලක ජීවන්තයි. හොඳම පන්දු ලබන්නා ලෙස ඕෂන් ලංකා හී අශේන් පීරිස් ඇගයිමට ලක් වුණා.හොදම ආරක්ෂක පෙළ ක්‍රීඩිකයා වූයේ මැලිබන් කණ්ඩායමේ ලක්ෂාන් ධීරසේකරයි.ඕෂන් ලංකා නියෝජනය කළ සඳුන් ශ්‍රීමාල් හොඳම පන්දු සකසන්නා වුණා.සයුරු ප්‍රනාන්දු මැලිබන් කණ්ඩායම වෙනුවෙන් හොඳම ප්‍රහාරිකාව බවට පත් වුණා.හොඳම පන්දු වළක්වන්නා සේ ඕෂන්ලංකා හී ශ්‍රී පරාත් ඇගයීමට ලක් වු අතර දක්ෂතම ක්‍රීඩිකයා බවට එම කණ්ඩායමේ මොහොමඩ් මිෂන් ඇගයිම් ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...