මහින්දගේ 77 වැනි උපන් දිනය අදයි. පොහොට්ටුව තංගලු යයි !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන් දිනය අදට (18) යෙදී තිබේ.

1945 නොවැම්බර් 18 වනදා උපත ලද ඒ මහතා 1970 සිට දශක පහක් තිස්සේ මෙරට දේශපාලනයෙහි නිරත වී සිටින අතර දෙවතාවක් විධායක ජනාධිපතිවරයා වශයෙනුත් සිව්වතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙනුත් පත්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන ඒ මහතගේ උපන් දිනය වෙනුවෙන් එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අද දිනයේදී ඒ මහතාට සුබපැතුම් රැගෙන තංගල්ල, කාල්ටන් නිවස වෙත යාමට සංවිධානය වී ඇති බව සඳහන්.

එසේම ඒ මහතාගේ උපන් දිනය වෙනුවෙන් අද උදෑසන නාරාහේන්පිට අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානයක් පැවැත්වෙන අතර අද පස්වරුවේ තංගල්ල නගර සභාවේදී ජය පිරිත් දේශනයක් ද පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...