*
Friday, September 20, 2024
spot_img

Latest Posts

නොදන්නා රටක රැකියාවට යාමට පෙර දෙවරක් සිතන්න

රැකියා සඳහා ඕමානයට පැමිණීමේදී විදිමත් මාර්ගවලින් පමණක් පැම්ණෙන,ලෙස ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය නිවේදනය කරයි.

ඔවුන් මෙම නිවේදනය කලේ සංචාරක වීසා මත ඕමානයට රැගෙන විත් මෙරට කාන්තාවන් විවිධ හිරිහැරයන් ට ලක්වීම් වාර්තා වීම වැඩි වීම පිළිබඳව අවධානය යොමු කිරීමත් සමඟයි.

සංචාරක වීසා මඟින් අබුඩාබි හරහා ඕමානයට රැගෙන විත් ශ්‍රී ලංකික කාන්තාවන් 12 දෙනෙකු පිළිබඳව පසුගිය දින මාධ්‍ය මඟින් තොරතුරු හෙලි කරනු ලැබීය.

මෙම පිරිස පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ අතර සංචාරක වීසා මගින් ඕමානයට ගෙන ගොස් කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසුව ද තොරතුරු අනාවරණය කර ඇත.

මාධ්‍ය කළ අනාවරණයෙන් පසු ප්‍රදේශ රැසකින් එලෙස ඕමානයට රැගෙන ගෙන ගිය කාන්තාවන් අතුරුදන්ව ඇති බවටත් , සිරකරගෙන සිටින බවටත් තොරතුරු වාර්තා වෙමින් තිබේ . පාතිමා හමීඩියා එලෙස අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික තරුණියකි .මඩකළපුව වාලක්කාඩු ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය සංචාරක වීසා ලබාගෙන ඕමානය බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය මාර්තු මස 6 වැනිදා‍ය. 22 හැවිරිදි ඇය එක්දරු මවකි.

රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් විදෙස් ගතවී ඇති ඇය දින කීපයකට පසුව අතුරුදන්ව තිබේ. ඇය මේ තත්ත්වයට මුහුණ දීමට පෙර සිය නිවසට පණිවිඩයක් එවා තිබේ.

එහිදී ඇය පවසා ඇත්තේ” මාව ඕමානයෙන් බේරාගන්න, අපිව අපේ රටට ගෙනියන්න . අපිට රුපියලක්වත් නෑ, අපි ගුටි කනවා, කන්න දෙන්නෙත් නෑ , මේවා කාට කියන්නද දන්නෙ නෑ. එච්චර දුක් විදිනවා “

යනුවෙනි .

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙි මඩකළපුව කාර්‍යාලයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඕමාන තානාපති කාර්යාලය භාරයේ ෆාතිමා සිටින බවට තමන් කළ විමසීමක දී තොරතුරු වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල විමර්ශන වලදී අනාවරණය වී තිබුණේ තනාපති කාර්යාලය යටතේ ආරක්ෂිත නිවසේ නිලධාරියකු ද තරුණියක අතවරයට ලක් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඒ සම්භන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි. නමුත් තවමත් එම පුද්ගලයා සේවයේ නියුතු බව ද තොරතුරු හෙළිවේ.

මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය නිකුත් ක්ළ නිවේදනයේ සඳහන් වූයේ තම ආයතනය යටතේ ඇති ආරක්ෂිත නිවාසයේ කාන්තාවන් 90 දෙනකු සිටින බවයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්‍යාලයේ සහය අපේක්ෂා කරන බවත් , දැනට ඔවුන් සතුව ඇති මුදල් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් එම නිවේදනයේ සඳහන්ය. තානාපති කාර්‍යාලය සඳහන් කළේ ඖෂධ සපයා ගැනීමට , සංචාරක වීසා කාලය ඉකුත්ව රැදී සිටීම නිසා ඊට අදාළව ගෙවිය යුතු දඩය, ගුවන් ගමන් බලපත්‍ර ගාස්තුව, රැකියා නියෝජිත ආයතනයට ගෙවිය යුතු ගාස්තුව සහ ඕමානය රැකියා සඳහා මේ කාන්තාවන් ගෙන්වීමට අනුග්‍රහය දැක්වූ පිරිසටද මුදල් ගෙවීමට මේ පිරිසට සිදුව ඇති බවයි. ඊට ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නොමැති බව තානාපති කාර්‍යාලය පෙන්වා දෙයි.

මේ වසර තුළ එවැනි 240 දෙනෙකුට තානාපති කාර්‍යාලය රැකවරණ ලබා දී ඇත ලබාදී ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සුන්දර හීන දහසක් ඉටු කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව රට රැකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවනි. ළඟ නොව දුර බලන්න. ජීවත් වීම ඉතා අපහසු බව සත්‍යකි. නමුත් නොදන්නා රටක ගොස් ජීවිතය විනාශ කර නොගන්න. රජය හරහා විශ්වාසනීය රට රැකියාවක් වෙත පිවිසෙන්න. එය ඔබගේත්, ඔබේ පවුලේ ආදරණීයයන්ගේත් හෙට දවස කඳුළින් තොර එකක් වීමට උපකාරයක් වනු නියතය …

රෂිකා හෙන්නායක
2022.11.18

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan