බැංකු ණය සඳහා සහන කාලයක් – මහ බැංකු අධිපති

Date:

පසුගිය මාසයේ සාමාන්‍ය හා ආහාර උද්ධමනය ප්‍රතිශතාත්මකව අඩු වීමත් සමඟ ලබන වසර අග වනවිට උද්ධමනය 4% ත් 5% ත් අතර පවතනු ඇතැයි අපේක්ෂා කරන බව බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව හමුවේ කරුණු දක්වමින්ය.

පසුගිය කාලය තුළ විචල්‍ය පොළී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගනුදෙනුකරුවන්ට බැංකු සමග සාකච්ඡා කර යම් සහන කාලයක් සඳහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවද මහ බැංකු අධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබේ .

ගනුදෙනුකරුවන් මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ විමසීමේ දී මහ බැංකු අධිපති වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඊට උපදෙස් මහ බැංකුව විසින් බැංකු වලට ලබා දී ඇති බවයි.

රෂිකා හෙන්නායක
2022.11.18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...