දැනුත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – වජිරගෙන් මහබැංකුවට දෝස්මුරයක් ! (VIDEO)

Date:

ශ්‍රී ලංකා මහබැංකුව විසින් බැංකු පොළී අනුපාත ඉහළ නැංවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත් මහබැංකුවට එවන් තීන්දු තීරණ ගැනීමේ බලයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“මහජනතාව නැගිට්ටා බරපතළ ප්‍රශ්නයක් නිසා. එහෙම වෙලාවක කොහොමද මෙහෙම මේ රට බංකොලොත් කියලා කියන්නෙ ? එහෙම බලයක් මුදල් අමාත්‍යාංශයට හෝ මහබැංකුවට නෑ. අප්‍රේල් 8 වෙනිදා වෙනකොට ඒ ආණ්ඩුව හරි හෝ වැරදි හෝ මේ අවුරුද්දට ගෙවන්න තිබුණු ඩොලර් බිලියන 6.1න් බිලියන 3ක් ගෙවලා තිබුණෙ. ඒ මොහොතේ ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 70 යි නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න තරම් කොහෙද එහෙම බලයක් තියෙන්නෙ ?

අද බලන්න අද තියෙන කුමන්ත්‍රණය ගැන. මට නම් පේන්නේ ජනාධිපතිතුමා බලනවා රට නැගිට්ටවන්න, වෙනත් අංශ බලනවා තව පාරක යන්න. දැන් බලන්න 30% – 32%ක පොළියක් දාලා. මේ මන්ත්‍රීතුමා ගත්තා කිව්වා ණයක් ඒ දවස්වල 7% – 8%ක් ද කොහෙද. දැන් කොහොමද ගෙවන්නෙ ? එතුමා කිව්වා ඉඩමක් විකුණනවා කියලා. පොඩි මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ ? මම කියවපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අයවැය කතාවයි, මේ පොළී කතාවයි වෙනස්. පොළී අනුපාත ඉහළ දාන්න කාටවත් බලය නෑ. මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. එහෙනම් අපි එකතුවෙලා ඒකට විරුද්ධව ක්‍රියාකාරන්න ඕනෙ. ඒකට පක්ෂ භේදයක් ඕනෙ නෑ.

මහබැංකුව ස්වාධීන වෙන්න පුළුවන්, ස්වාධීන මහබැංකුවට ප්‍රතිපත්ති තියෙන්න බෑ. මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියත් එක්ක මහබැංකුව ගනුදෙනු කරන්න ඕනෙ. පාර්ලිමේන්තුවට බලය තියෙනවා ඒක පාලනය කරන්න. පාර්ලිමේන්තුව මේ පොළී අනුපාතය උපරිමයකට සීමාවක් දමන්නට ඕනෙ. එක එක්කෙනාට ඕනෙ විදියට සෙල්ලම් කරලා මේ මහජන නියෝජිතයින්ගේ ගෙවල් පුච්චන්න දෙන්න බෑ. එහෙනම් ඒගොල්ලන්ගේ ගෙවල්වල ඇඩ්‍රස් දෙන්න ඕනෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...