කුඩු ජාවාරමේ නියුතු පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට !

Date:

උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග මාතලේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් එම මන්ත්‍රීවරයා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2600ක් හමුවී ඇති අතර අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2500ක් හමුවී ඇති බව සඳහන්.

සැකකාර පොහොට්ටු මන්ත්‍රීවරයා මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි අයෙකු වන අතර ඔහුට එරෙහිව ළමා අපයෝජන නඩුවක් ද පවතින බවයි පොලිසිය පවසන්නේ.

ඔහු මාතලේ – කළුදෑවල – නරිකන්ද ප්‍රදේශයේ සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...